මෙවර ඇසළ පෙරහර මංගල්‍ය ලබන අගෝස්තු 05 වනදා සිදුකරන සිව්මහා දේවාලවල කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ කරන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි.එතැන් සිට අගෝස්තු මස 05 වනදා සිට 09 වනදා දක්වා පුරා දින 05 ක් සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙනු ඇත.
අගෝස්තු මස 10 වනදා පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කරන අතර, අගෝස්තු මස 14 වනදා දක්වා කුඹල් පෙරහර 05 ක් පැවැත්වීමට නියමිතය.අගෝස්තු මස 15 වනදා පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අතර, අගෝස්තු මස 19 වනදා අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කරනු ඇත.පසුදා අළුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍ය පවත්වා දිවා පෙරහරින් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කෙරෙන බව දියවඩන නිලමේ නිලංග දෑළ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් පෙරහැර ආසන රුපියල් 40,000 – 50,000ක් වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.මෙලෙස ඉහළ මිල ගණන් යටතේ පෙරහැර ආසන අලෙවි කිරීමෙන් පෙරහැර සංවිධායකයින් දේශීය හා විදේශීය වශයෙන් විශාල අපකීර්තියට ලක්වන බව ඔහු පෙන්වා දෙයි.
අසාධාරණ ලෙස පෙරහැර ආසන විකිණීමට දළඳා මාළිගාව හෝ සතර මහා දේවාල කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති බවත් මෙලෙස අසාධාරණ අය කිරීම් පිළිබඳ පැමිණිලි ඇත්නම් පෙරහැර භාරය වෙත දැනුම් දෙන ලෙසත් දියවඩන නිලමේවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.