ඔලිම්පික් රිටි පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම කැනඩාවේ ඇලිෂා නිව්මන්( Alysha Newman) දිනා ගනී.

නිව්මන් කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් කැනඩාවේ පළමු ඔලිම්පික් පදක්කම දිනාගත් අතර ඇය ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ මීටර් 4.85 උසඅක් වාර්තාකරමිනි. මෙම ඉසව්වේ දී කැනඩාව වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීම ඇයගේ ඉලක්කය වූ බව නිව්මන් පැවසූ අතර, ඇයගේ තුන්වන ක්‍රීඩා උළෙලේදී සහ ඇයගේ පළමු ඔලිම්පික් අවසන් තරගයේදී එය සාර්ථක කර ගැනීමට සමත්විය.

“මම ගොඩක් සතුටුයි,” ඇය පැවසුවාය. “මම හිනාවෙන්නෙ තුන්වෙනියා වෙන නිසා, මම කියන්නෙ මට කවදාවත් තුන්වෙනියා ලැබිලා නෑ, ඒත් ඒක විහිලුවක්. මොකද ඔයාට තවම බලාගෙන ඉඳලා එතන ඉඳගෙන අනිත් කෙල්ලො ටික ඉවර වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මම හරිම අමාරුවෙන් එතන හිටගෙන, ‘මොකක්ද? මම හැමෝම සිපගන්නවාද?”එය ඇත්තෙන්ම අතිවිශිෂ්ට අවස්ථාවක් වූ අතර එය නියමයි. මම දැන් ඉතා චිත්තවේගීයව ස්ථාවරව සිටින බව මට හැඟෙන අතර කැනඩාවට ඔලිම්පික් පදක්කමක් ගෙන ආ පළමු (කාන්තා) රිටි පැනීමේ ක්‍රීඩිකාව වීම මට මහත් ගෞරවයක් ලෙස හැඟේ.”යනුවෙන් ඇය පැවැසීය.

ඕස්ට්‍රේලියාවේ නීනා කෙනඩි මීටර් 4.90ක් වාර්ථා කරමින් රන් පදක්කම දිනා ගත්තාය.1912 ස්ටොක්හෝම් ක්‍රීඩා උළෙලේ පිරිමි තරගයේදී විලියම් හැල්පෙනි ලෝකඩ පදක්කමක් ලබා ගැනීමෙන් පසු පදක්කමක් දිනූ පළමු කැනේඩියානු රිටි පැනීමේ ක්‍රීඩකයා නිව්මන් වේ.1908 ලන්ඩන් ක්‍රීඩා උළෙලේ පිරිමි ඉසව්වේ එඩ්වඩ් ආචිබෝල්ඩ්ගේ ලෝකඩ පදක්කම කැනේඩියානු ඉතිහාසයේ එකම ඔලිම්පික් රිටි පැනීමේ පදක්කමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *