පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තෝරාපත් කරගෙන තිබෙනවා.පසුගියදා නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මේ බව නිල වශයෙන් දැනුම් දීම සිදුකරනු ලැබුවා.

මීට පෙර පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තෝරා පත් කරගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතායි.ධම්මික පෙරේරා මහතා විසින් එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ පෞද්ගලික හේතුවක් මත මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විමෙන් ඉවත් වන බවයි .ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා තරඟ වදිනු ඇති.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාට සහය පලකරන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. මන්ත්‍රීවරුන් අටදෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති බව වාර්තා වනවා.එම වාර්තාවට අනුව ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබානොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටකි.

එම රාජ්‍ය ඇමැතිවරු ඩී.වී. චානක,තේනුක විදානගමගේ, ශෂින්දු රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන අය වේ.ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍යධුර වල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලයේදී පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැතැයි දැනගන්නට ඇත.මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට උපකාර කිරීමට පසුගියදා තීරණය කළ ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි තමා අතිශයින්ම පෞද්ගලික හේතුවක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට දැනුම් දී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලනය කිරිමේදී පෞද්ගලික තීරණ ඈඳා නොගන්නා ලෙස නාමල් රාජපක්ෂ එහිදී පවිත්‍රා වන්නිආරච්චිට ප්‍රකාශ කර ඇතැයි පැවැසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *