බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා මුහම්මද් යුනුස්

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා.හිංසන ක්‍රියාවන් ව්‍යාප්ත වී ඇති බංග්ලාදේශය එක්සේසත් කරන බවට පවසමින් බංග්ලාදේශයේ නව අගමැති මහාචාර්ය මුහමඩ් යුනුස් සහ ඇමැතිවරුන් වෙනුවට උපදේශකයන් 17 දෙනෙකුගෙන් සමන්විත නව අන්තර්වාර ආණ්ඩුව ඊයේ රාත්‍රියේ එරට ජනාධිපති මොහොමඩ් ශහබුද්දින් ඉදිරියේ දිවුරුම් දී තිබේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ජනාධිපති මැදුරේ පැවති අදාළ දිවුරුම් උත්සවයේදී දිවුරුම්දී ඇති නව අගමැති නොබෙල් සාම ත්‍යාගලාභී ආර්ථික විද්වතෙකු වන 84 හැවිරිදි මුහමඩ් යුනුස් තමා බංග්ලාදේශයේ ව්‍යවස්ථාව සුරකින ,එයට සහය දෙන හා සංරක්ෂණය කරන බව අවධාරණය කර තිබේ.මෙම දිවුරුම් දිමේ උත්සවය සඳහා හසීනාගේ පාර්ශ්වයේ කිසිදු නියෝජිතයෙක් නොපැමිණි බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා..

බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතා හමුවේ අගමැති ෂෙයික් හසීනා සිය අගමැති ධූරයෙන් ඉවත් වී රටින් පලා ගොස් දිනකට පසුව මෙම පත්කිරීම සිදු කර ඇත්තේ. එමෙන්ම පසුගියදා බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනපති පියවර ගනු ලැබුවාසිසුන් විසින් මෙහෙයවන ලද සති කිහිපයක විරෝධතා හේතුවෙන් බංග්ලාදේශයේ වසර 15ක් අගමැතිනිය ලෙස කටයුතු කළ ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලා ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *