ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ තමාගේ අවධානය රට ඉදිරියට ගෙනයෑමට බැවින් තමන්ට තරඟයක් නොමැති බවයි.“මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කර තිබෙනවා,” ඔහු අවධාරණය කළේය.ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ මීට පසුගියදා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ණයහිමියන් සමඟ ඇති කරගත් ගිවිසුම්වල කිසිදු මිණුම් දණ්ඩක් වෙනස් කළ නොහැකියි, එසේ කළහොත් ශ්‍රී ලංකාවට අරමුදල් අහිමි විය හැකියි. එබැවින් සියලුම අපේක්ෂකයින් ඡන්දදායකයින්ට සත්‍යවාදී විය යුතුයි.” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.තමන් තේරීපත් වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවනවාද නැද්ද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ තමන් සමඟ එක්ව කටයුතු කරන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවයි.
මේ අතර තමා දේශපාලන පක්ෂ භේදයකින් තොරව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේ මෙරට ජනතාවගේ කුසගිනි නිවීමට පිළියම් යෙදීම සඳහා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පවසන්නේ, ජනතාව විඳින දුක දේශපාලන පාට පක්ෂ භේද ඉක්මවා යන බවයි.කොළඹදී පැවති “කාන්තා අපේ බලය” ජාතික කාන්තා සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කියා සිටියා.ජනාධිපතිවරයා පවසන්නේ, එදා ආහාර වේල සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි දරුවන් පාසලට යවා ගත නොහැකිව සිටි මව්වරුන් විඳී පීඩාව කිසිවකු අමතක නොකළ යුතු බවත් අද දේශප්‍රේමය සහ ජනතාවගේ දුක පිළිබඳ වේදිකාවල කථා කරන නායකයන් එදා අභියෝගය හමුවේ පළා ගිය අන්දම මේ රටේ ජනතාවට අමතක නොවනු ඇති බවයි.