කැනේඩියානු ඔලිම්පික් ක්‍රීඩකයින් පැරීසියෙන් සමුගනී

පැරිස් ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයට සහභාගීවූ කැනේඩියානු ඔලිම්පික් ක්‍රීඩකයින් සිය ගණනක් ප්‍රංශයේදී 2024 ඔලිම්පික් උළෙලට සමුදීම සටහන් කෙරිණි. සමාප්ති උත්සවය පසුගියදා ආරම්භ වූ විට පිහිනුම් ක්‍රීඩක මැකින්ටොෂ් සහ මිටිය විසිකිරීමේ ක්‍රීඩක ඊතන් කැට්ස්බර්ග් එක්ව කැනේඩියානු ධජය ක්‍රීඩාංගනයට රැගෙන ගියහ.

Toronto හි McIntosh පැරිසියේදී රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් හතරක් දිනා ඔලිම්පික් වාර්තා දෙකක් පිහිටවූ අතර, Nanaimo, B.C. හි උපන් Katzberg, මිටිය විසිකිරීමේ ඉසව්වෙන් පළමු රන් පදක්කමට හිමිකම් කීවේය.

තවත් කැනේඩියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියගණනක් සමාප්ති උත්සවයට සහභාගීවූ අතර  රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වූයේ 80,000 ක් පමණ ප්‍රේක්ෂයන්ගේ ඹල්වරසන් මැද විය.

කැනේඩියානුවන් සියලු දෙනාම කොට කලිසමකින් සහ ටී-ෂර්ට්යකින්  සැරසී සිටි අතර පදක්කම්ලාභීන් ඔවුන්ගේ පදක්ක්‍ම් ගෙලෙහි රදවාගෙන ගියේ මහත් ආඩම්බරයකිනි.මෙවර 2024 ඔලිම්පික් උළෙලේදී  කැනඩාව රන් පදක්කම් නවයක් ඇතුළුව පදක්කම් 27ක් රැස් කර ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *