ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ.
යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින් ඒ සඳහා අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේය.එම සංගම් විසින් කළ ඉල්ලිමකට අනුව මෙලෙස අවසරය ලබාදි ඇති අතර ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවල දි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා දේශීය නිරීක්ෂණ සංවිධාන 09ක් එක්වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය පැවසීය. පැෆරල් සංවිධානය, මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, කැෆේ ඇතුළු සංවිධාන 07ක් මෙවර නිරීක්ෂණයට ඉල්ලුම් කර තිබේ.
මෙම සංවිධාන නියෝජිතයන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් කළ සාකච්ඡාවලදී මේ බව ප්‍රකාශවී ඇත.මෙම මැතිවරණය සඳහා නිරීක්ෂණ නිලධාරීන් හයදාහක් සේවයට යෙදවීමට නියමිත බවද සඳහන්ය.මේ අනුව මෙම නිලධාරීන් රටපුරා පළාත් රැසකට ගොස් මෙම නිරීක්ෂණ කටයුතු අරඹනු ඇත.
හොර ඡන්ද දැමීම, මැර බලය, තර්ජනය කිරීම්, රංචු ගැසීම් ඇතුළු නීති විරෝධී ක්‍රියා පිළිබඳවද ඔවුන්ගේ අවධානය යොමු කිරීමට නියමිතය.