බංග්ලාදේශ විරෝධතා ඡාතිවාදී මුහුණුවරක් ගනී. ශෙයික් හසීනාගෙන් අමෙරිකාවට චෝදනා

 බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරවලට මුවාවී තමන් ඉලක්ක කරගෙන එල්ල වන ප්‍රහාරවලට එරෙහිව එරට සුළුතර හින්දු ප්‍රජාව දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබේ.ලක්ෂ 7කට වැඩි පිරිසක් එක්වූ එම විරෝධතා හේතුවෙන් ඩකා අගනුවර ඇතුළු කලාප රැසක මාර්ග අවහිර වී තිබුණි.බංග්ලාදේශය තුළ ශිෂ්‍ය විරෝධතා ආරම්භ වූයේ යල්පැන ගිය රැකියා කෝටා ක්‍රමවේදයක් යළි හඳුන්වාදීමට එරට රජය ගත් උත්සාහයත් සමඟය.විරෝධතා මර්දනයට රජය ගත් පිළිවෙත හේතුවෙන් එම විරෝධතා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ බවට පරිවර්තනය වූ අතර ඒවා අවසන්වූයේ අගමැතිනී ෂෙයික් හසීනාට ඇගේ ධුරය ද අහිමි කරමිනි.

අනතුරුව ඇය රටින් පළාගිය අතර, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුතු භාරකාර රජයක් පත්කෙරුණේ ද ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙනි.එම රජයේ නියෝජිතයින් අතරට වයස අවුරුදු විස්සත් තිහත් අතර පසුවන ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් දෙදෙනෙක් ද අයත්ය.රටේ පාර්ලිමේන්තුව පවා අත්පත් කරගත් විරෝධතාකරුවන් මේ වනවිටත් එරට කටයුතුවල පාලනය සියතට ගනිමින් සිටී.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් නැවත විරෝධතාවන්හි නිරත වූයේ අගවිනිසුරු ඇතුළු සියලුම විනිසුරුවරුන් පැයක් තුළ ඉල්ලා අස්විය යුතු බවට බලකරමිනි.එහිදී, හිටපු අගමැතිනියට පක්ෂග්‍රාහී යැයි චෝදනා ලද අගවිනිසුරු ඔබයිදුල් හසාන් වහා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ තවත් උපරිමාධිකරණ විනිසුරුවන් පස් දෙනෙකු සමඟින්ය.කෙසේ නමුත් කුප්‍රකට රැකියා කෝටා ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට හසීනා රජය ගත් උත්සාහය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදී ගැටුම් මඳක් සමනය කිරීමට මැදිහත්වූයේ ද එරට ශ්‍රේෂ්ඨාධිකරණය යි.

මේ අතර බංග්ලාදේශ මහ බැංකු ප්‍රධානියා ද ඉල්ලා අස්වූයේ බැංකු නිලධාරීන් පිරිසක් ඔහුට ඉල්ලා අස්වෙන්නැයි බලකරමින් පැවැත්වූ විරෝධතාවලින් අනතුරුවය. මෙවන් පසුබිමක ශිෂ්‍ය විරෝධතා මුවාවෙන් බංග්ලාදේශ සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන අවස්ථාද එරටින් වාර්තා වෙයි.හසීනා රජය බිඳවැටුණු අගෝස්තු 5 වනදා සිට ගෙවුණු දින කිහිපය තුළ එරට දිස්ත්‍රික්ක 52කදී හින්දු ප්‍රජාව ඉලක්ක කර එල්ලකළ ප්‍රහාර ගණන 200කට අධිකය.මෙම ප්‍රහාරවලින් තමන් ආරක්ෂා කරන්නැයි බලකරමින් සුළුතර හින්දු ප්‍රජාව ඩකා අගනුවර ඇතුළු කලාප කිහිපයක දැවැන්ත විරෝධතා පවත්වා තිබේ.සුළු ජාතීන්ට හිංසා කරන අයගේ නඩු විභාග කඩිනම් කිරීම සඳහා විශේෂ විනිශ්චය මණ්ඩලයක්, සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවේ ආසනවලින් සියයට 10ක් වෙන්කිරීම වැනි ඉල්ලීම් මත පදනම් වූ එම විරෝධතා හේතුවෙන් ඩකා හි මාර්ග පවා අවහිර වී තිබුණි.

ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය ද හිමිවූ මෙම විරෝධතාවලට ලක්ෂ 7 ඉක්මවූ පිරිස් එක්ව සිටි බව වාර්තා වෙයි.මිලියන 170ක් වන බංග්ලාදේශ ජනගහනයෙන් සියයට 8ක් හින්දු ප්‍රජාව වන අතර දේශපාලන විචාරකයින්ට අනුව ඔවුන්ගේ වැඩි සහාය හිමිව තිබි ඇත්තේ ෂෙයික් හසීනා ප්‍රමුඛ අවාමි ලීගයටයි.මෙම ප්‍රහාරවලින් තමන් ආරක්ෂා කරන්නැයි බලකරමින් සුළුතර හින්දු ප්‍රජාව ඩකා අගනුවර ඇතුළු කලාප කිහිපයක දැවැන්ත විරෝධතා පවත්වා තිබේ.

සුළු ජාතීන්ට හිංසා කරන අයගේ නඩු විභාග කඩිනම් කිරීම සඳහා විශේෂ විනිශ්චය මණ්ඩලයක්, සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවේ ආසනවලින් සියයට 10ක් වෙන්කිරීම වැනි ඉල්ලීම් මත පදනම් වූ එම විරෝධතා හේතුවෙන් ඩකා හි මාර්ග පවා අවහිර වී තිබුණි.ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය ද හිමිවූ මෙම විරෝධතාවලට ලක්ෂ 7 ඉක්මවූ පිරිස් එක්ව සිටි බව වාර්තා වෙයි.මිලියන 170ක් වන බංග්ලාදේශ ජනගහනයෙන් සියයට 8ක් හින්දු ප්‍රජාව වන අතර දේශපාලන විචාරකයින්ට අනුව ඔවුන්ගේ වැඩි සහාය හිමිව තිබි ඇත්තේ ෂෙයික් හසීනා ප්‍රමුඛ අවාමි ලීගයටයි.

මේ අතර තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවට විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම සඳහා ශාන්ත මාර්ටින් දූපත් ප්‍රදේශයේ ස්වෛරීත්වය අමෙරිකාවට ලබාදුන්නේ නම් තමන්ට තවදුරටත් ධුරයේ රැදී සිටීමට හැකියාව තිබූ බව ඇය සඳහන් කළාය.

බංග්ලාදේශයේ සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හමුවේ ධුරයෙන් ඉවත්ව ඉන්දියාවට පළායාමෙන් පසු පළමුවරට ඇය නිකුත් කළ නිවේදනයේ ඒ බව සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් රට තුළ උද්ගතවූ ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනයවීම වළක්වා ගැනීමට තම ඉල්ලා අස්වීම හේතුවූ බව පෙන්වා දී ඇති ශෙයික් හසීනා රැඩිකල්වාදීන්ට හසු නොවන ලෙස තමා බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද සඳහන් කර තිබුණාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *