ඔබේ කැනේඩියානු සිහිනයට අත්වැලක්-5
මෙම ලිපි පෙලේ පස්වෙනි ලිපියයි මේ. ගිය වතාවේ සදහන් කල පරිදි, මම අද සාකච්චා කරන්න යන්නේ කැනේඩියානු ස්ථිර පදිංචිය(Permanent Residence) සම්බන්ධව.
නමුත් ඊට පෙර, පසුගිය සති දෙක තුන තුල කැනඩාවේ සිදුවූ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් බලමු.
- ප්‍රංශ භාෂාව කතා කරන ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණිකයන්ට සුභ ආරංචියක්.කැනේඩියානු ආගමන අමාත්‍ය ගරු Marc Miller මහතා නිවේදනය කළේ Francophone (ප්‍රංශ භාෂාව පළමු භාෂාව ලෙස කතා කරන)ප්රජාවන්ගේ ආගමනය වැඩිකිරීම සදහා නව Francophone සුළුතර ප්රජාවන්ගේ ශිෂ්‍ය නියමු (FMCSP) වැඩසටහන 2024 අගෝස්තු 26 දින දියත් කරන බවයි. මේ වැඩසටහනට තවත් ප්‍රජාවන්10 ක් එකතු කරන බව ද අමාත්‍ය මිලර් නිවේදනය කළා.
- පසුගිය සතියේ Marc Miller මහතා පැවසුවා, “මේ රටට පැමිණීමට නියමිත සීමා නොකළ වැඩසටහන් යුගය ඉක්මනින් අවසන් වෙමින් පවතින බව”. මේක කැනේඩියානු සංක්‍රමණයට ඉතා බරපතලව බලපාන වෙනසක් උනත්, එය වහාම නතර වනු ඇතැයි අපේක්ෂා කරන්න අපිට බැහැ. හේතුව ලිබරල්වාදීන් තවමත් මේ වසරේ සංක්‍රමණිකයන් 485,000ක් සහ 2025 සහ 2026 වසර දෙකේදීම සංක්‍රමණිකයින් 500,000ක් ගෙන ඒමට සැලසුම් කරලයි තියෙන්නේ. එමනිසා අවුරුද්දෙන් දෙකෙන් මේ කියන වෙනස්කම් වෙන්නේ නැහැ. ඇත්තටම කැනඩාවේ විරැකියා ප්‍රශ්නයක් තියෙනවද? තියෙනවා නම් තාවකාලික පදිංචිකරුවන් අතර විරැකියාව(විදේශීය ශ්‍රමිකයන්, ජාත්‍යන්තර සිසුන් සහ සරණාගතයින් ඇතුළුව) ජුනි මාසයේදී 11% කුත් සංසන්දනාත්මකව, සමස්ත විරැකියා අනුපාතය සියයට 6.4 ක් වෙන්නේ කොහොමද? මේ විරැකියාව සැබෑවක් නොවන බවයි කැනේඩියානුවන්ගේ මතය.
- විවිධ සේවාවන් සදහා සැකසීමේ කාලය(Immigration Processing times)
ඔබගේ අයදුම්පත්‍රය සැකසීමේ කාලය කෙරෙහි බලපාන සාධක කිහිපයක් තිබෙනවා.
- පදිංචි රට
- අයැදුම් පතේ වර්ගය
- සම්පූර්ණත්වය
සංක්‍රමණ වැඩසටහන් සඳහා සාමාන්‍ය සැකසුම් කාලය
- Express Entry – මෙයට Federal Skilled Worker (FSW), Federal Skilled Trades (FST) සහ Canadian Experience Class (CEC) ප්රවාහයන් මෙන්ම සමහර පළාත් නාමික වැඩසටහන් (PNP) ඇතුළත් වෙනවා
Express Entry අයදුම්පත් 80% කට පමණ, අයදුම්පත ලැබුණු දින සිට මාස 6 ක් ඇතුළත රජය මගින් ප්‍රතිචාරයක් සපයනවා. වත්මන් සැකසුම් කාලය සඳහා, පහත IRCCs පිටුවට පිවිසෙන්න.
- අධ්‍යයන බලපත්(Study permit)-කෙටිම කාලය සති 8 සිට සති 17 කට ආසන්න කාලයන් අපේක්ෂා කළ හැකියි.
- Post-Graduation Work Permit-ඔබ ඔබේ අයදුම්පත Online හෝ තැපෑලෙන් ඉදිරිපත් කරන්නේ නම්, එයට දින 134 ක පමණ කාලයක් ගතවෙනවා.
- Permanent Resident Card(ස්ථිර නේවාසික කාඩ්පත) – (PR) කාඩ්පතක් සැකසීමට දින 36ක් ගතවන අතර පැරණි PR කාඩ්පතක් අලුත් කිරීම හෝ ප්‍රතිස්ථාපනය(replace) කිරීමේ ක්‍රියාවලියට දින 70ක් පමණ ගත විය හැකියි.
- PR සඳහා සැමියා/බිරිද අනුග්‍රහය දැක්වීම(Sponsoring) – මාස 12ක් පමණ කාලයක් ගත විය හැකියි.
- ආගන්තුක(Visitor)වීසා – ආගන්තුක වීසා බලපත්‍රයක් සැකසීමේ කාලයන් රඳා පවතින්නේ ඔබ අයදුම් කරන්නේ කොතැනින්ද සහ කෙසේද යන්න මත. ඔබ කැනඩාව තුළ සිට අයැදුම් කරන්නේ නම්, දින 10-27ක් ඇතුළත ප්‍රතිචාරයක් ලැබෙනවා. කෙසේ වෙතත්, කැනඩාවෙන් පිටත සිට කරන ලද අයදුම්පත් අයදුම්කරුගේ පදිංචි රට අනුව වෙනස් වේ.
- අර්ධ පුහුණු ශ්‍රමිකයින් සඳහා රජය නව ස්ථිර පදිංචි පන්තියක්(New permanent residence class) හඳුන්වා දී ඇත. මෙය රටෙහි බරපතල ශ්‍රම හිඟය විසඳීම සඳහා නිර්මාණය කල වැඩසටහනක්. නමුත් මෙය ඉහළ නිපුණතා(High Skilled) ඇති අය සඳහා සුදුසු නොවේ. වැඩි විස්තර මේ සැප්තැම්බර් වල රජය මගින් එලි දැක්වීමට නියමිතයි.
- කැනේඩියානු රජය රැකියා සදහා ඉල්ලුම් පත් කැඳවයි. මින් රැකියා කාණ්ඩ දෙකකට අන්තර් ජාතික සිසුන්ටද අයදුම් කල හැක
- Data collection clerk-Statistics Canada(British Columbia, Alberta, Manitoba, & Saskatchewan)
- CBSA student border Services officer(British Columbia, Alberta, Manitoba, Newfoundland & Labrador)-ජාත්‍යන්තර සිසුන්ට අයදුම් කල හැක.
- Parole Officer-Correctional service CanadaII( Alberta, Manitoba,Northwest territories, Ontario and Saskatchewan)
- Student Visitor services attendant-Parks Canada(Nova Scotia) ජාත්‍යන්තර සිසුන්ට අයදුම් කල හැක
- ඇල්බර්ටා නව EOI(Expression Of Interest)පද්ධතිය 2024 සැප්තැම්බර් 30 සිට නව ප්‍රකාශන ක්‍රමයක් දියත් කිරීමට නියමිතය
- 2024 සඳහා ඉතිරි මාසික අයදුම්පත් භාරගැනීමේ දිනයන් සමඟ පළාත ඉදිරියට නොයනු ඇත.
- තේරීම් සංචිතයකින් අපේක්ෂකයින්ට ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් සහ ශ්‍රම වෙළඳපල අවශ්‍යතා මත පදනම්ව ආරාධනා කරනු ලැබේ.
- ඇල්බර්ටා 2024 ජූලි 25 වන විට තේරීම් සංචිතයේ වෙබ් පෝරම ඉදිරිපත් කිරීම් 446ක් ලැබිලා තියෙනවා.
https://www.y-axis.com/news/alberta-pnp-is-set-to-launch-new-eoi-system-from-september-30
දැන් අපි කැනඩාවේ ස්ථිර පදිංචිය ගැන සාකච්ඡා කරමු.
කැනඩාවේ ස්ථිර පදිංචිය කියලා කියන්නෙ සංක්‍රමණ තත්ත්වයක්. ස්ථිර පදිංචිකරුවෙකු වීමට නම්, පුද්ගලයෙකු ආගමන වැඩසටහනක්(Immigration Program ) හරහා අයදුම් කළ යුතුයි. එහෙත්, ස්ථිර පදිංචිකරුවෙකු (PR) කැනේඩියානු පුරවැසියෙකුට(Citizen) සමාන නොවේ.
ස්ථිර පදිංචියේ ප්‍රධාන ප්රතිලාභ පහක්:
1. ඔබට කැනඩාවේ ඕනෑම තැනක ජීවත් වීමට සහ වැඩ කිරීමට හැකියි.
2. ඔබට නොමිලේ බොහෝ සෞඛ්‍ය පහසුකම්(Health Services) සහ සමාජ සේවා(Social Services) ලබාගැනීමට පුළුවන් වෙනවා.
3.ඔබේ පවුලේ අයව(sponsor your family)ගෙන්වා ගත හැකියි.
4. ඔබේ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගත හැකියි.
5. ඔබට කැනේඩියානු පුරවැසියෙකු විය හැකියි.
සංක්‍රමණිකයන් කැනඩාවට පන්ති තුනක් යටතේ පැමිණේ: ආර්ථික(Economic) පන්තිය, පවුල්(Family) පන්තිය සහ සරණාගත සහ මානුෂීය(Humanitarian) පන්තිය.
1. ආර්ථික පන්තිය(Economic class)-කැනඩාවේ වයස්ගත ජනගහනයක් සහ අඩු උපත් අනුපාතයක් ඇත. එමනිසා, රටේ උසස් ජීවන තත්ත්වයන් රැක ගැනීමට, රටේ ශ්‍රම බලකායට සහ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා වැඩි පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය වේ. මෙම පුහුණු සේවකයන් පැමිණෙන්නේ ශක්තිමත් භාෂා කුසලතා, සේවා පළපුරුද්ද සහ උසස් අධ්‍යාපන සුදුසුකම් ඇතිව. ඒත් එක්කම, ඔවුන් පැමිණෙන්නේ කැනඩාවේ සාර්ථක ජීවිත ගත කිරීමට ඇති ආශාවෙන්. මෙරට ආර්ථික වර්ධනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි සමාජ සේවා සඳහා අවශ්‍ය බදු මුදල් සදහා මේ පුහුණු ශ්‍රමිකයින්ගේ සේවය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
කැනඩාවේ ආර්ථික සංක්‍රමණිකයෙකු වීමට මාර්ග දෙකක් තිබෙනවා.
A. ආර්ථික පන්තියේ පළමු වැඩසටහන කෙරෙනුයේ කැනඩාවේ ආගමන, සරණාගතයින් සහ පුරවැසිභාවය යටතේ (Immigration, Refugees, and Citizenship Canada)- මේ යටතේ කාණ්ඩ හතරක් තිබෙනවා.
- ෆෙඩරල් නිපුණතා සේවක වැඩසටහන- Federal Skilled Worker Program
- ෆෙඩරල් නිපුණතා වෙළඳ වැඩසටහන- Federal Skilled Trades Program
- කැනේඩියානු අත්දැකීම් වැඩසටහන- Canadian Experience Program
- ව්‍යාපාර ආගමන වැඩසටහන- Business Immigration Program
Immigration Canada ඉහත සදහන් වැඩසටහන් සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරනුයේ Express Entry නම්වූ Online පද්ධතියක් හරහායි. Comprehensive Ranking System නම්වූ මේ පද්ධතිය මගින් ස්වයංක්‍රීයව අයදුම්කරුවන්ගේ Profile එක සාපේක්ෂව ශ්‍රේණිගත කිරීමක් කරනවා. ඉහළම ශ්‍රේණිගත අයදුම්කරුවන්ට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට ආරාධනා කරනු ලබනවා.
B. ආර්ථික පන්තියේ දෙවෙනි වැඩසටහන කෙරෙනුයේ කලාපීය ආගමන වැඩසටහන් යටතේ. මේ යටතේ වැඩසටහන් දෙකක් තිබෙනවා.
- පළාත් නාමික වැඩසටහන/Québec පුහුණු සේවක වැඩසටහන(Provincial Nominee Program/Québec Skilled Worker Program)
- අත්ලාන්තික් ආගමන නියමුවා(Atlantic Immigration Pilot) වැඩසටහන
ආර්ථික සංක්‍රමණිකයෙකු වීමට ෆෙඩරල් සංක්‍රමණ මාර්ග වලට අමතරව, පළාත් සහ ප්‍රදේශ ද තමන්ගේම සංක්‍රමණික මාර්ග පරිපාලනය කරනවා.
මෙය සිදු කරනු ලබන්නේ පළාත් සහ ප්‍රදේශ සඳහා (Quebec සහ Nunavut හැර), ක්විබෙක් නිපුණතා සේවක වැඩසටහන(Québec Skilled Worker Program) සහ අත්ලාන්තික් සංක්‍රමණ නියමු(Atlantic Immigration Pilot) සඳහා වන පළාත් නාමික වැඩසටහන හරහායි. වැඩි විස්තර සඳහා සබැඳිය පරීක්ෂා කරන්න.
Québec Skilled Worker Program and the Atlantic Immigration Pilot.
2. පවුලේ පංතිය(Family Class) – මේ වැඩසටහන මගින් පවුලේ සාමාජිකයින් ගෙන්වා ස්ථිර පදිංචිකරුවන් කර ගැනීමේ වරපරසාදය කැනඩාව එහි ස්ථිර පදිංචිකරුවන්ට ලබා දෙනවා.
මේ Family Class වැඩ සටහන හරහා ඉතා අඩු සැකසුම් කාලයකින්(process time) පවුලේ උදවිය ගෙන්වා ගැනීමට රජය පහසුකම් සලසන්නේ පවුල් නැවත එක්වීම කැනේඩියානු රජය ඉතා අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන බැවින්.
ඔබ කැනේඩියානු පුරවැසියෙක් නම් හෝ අවුරුදු 18ට වැඩි ස්ථිර පදිංචිකරුවෙකු නම් සහ වසර තුනකට ඔබේ පවුලේ සාමාජිකයින්ගේ මූලික මූල්‍ය අවශ්‍යතා සැපයීමට හැකි නම්, ඔබට ඔබේ පවුලේ සාමාජිකයන්ට අනුග්‍රහය දක්වන්න පුළුවන්.
3. සරණාගතයින් සහ මානුෂීය පන්තිය( 3. Refugee and Humanitarian class)- සරණාගතයින් විදේශයන්හි සිට කැනඩාවේ නැවත පදිංචි වූ විට, ඔවුන් රජයේ ආධාර ලබන සරණාගත වැඩසටහන හෝ සරණාගතයින්ගේ පුද්ගලික අනුග්‍රහය දැක්වීමේ වැඩසටහන හරහා PR බවට පත්වේ. ඔබ කැනඩාවේ සරණාගත හිමිකම් පෑමක් කරන්නේ නම්, ඔබ වහාම PR බවට පත් නොවේ. එකක් වීමට නම්, ආගමන හා සරණාගත මණ්ඩලය පළමුව ඔබේ හිමිකම් පෑම අනුමත කළ යුතුය. පසුව, ඔබ PR තත්ත්වය සඳහා අයදුම් කර ලබා ගත යුතුය.
4. සමහර විශේෂිත අවස්ථාවන්හිදී, කැනේඩියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් අවිවාහක, වයස අවුරුදු 18 ට අඩු ඔබගේ ලේ ඥාතීන් හෝ හදාවඩා ගත් අනාථ සහෝදරයා, සහෝදරිය, බෑණනුවන්, ලේලිය හෝ මුණුපුරා කැනඩාවට පැමිණීමට අනුග්‍රහය දැක්වීමට සුදුසුකම් ලබයි.
යමෙකුට කැනේඩියානු ස්ථිර පදිංචිය නැතිවිය හැකිද?
කැනේඩියානු රජය පහත සඳහන් හේතුන් නිසා ස්ථිර පදිංචිය අවලංගු කළ හැකිය:
• බරපතල අපරාධකරුවකුවීම
• වැරදි තොරතුරු සැපයීම මගින් PR තත්ත්වය ලබාගෙන තිබීම
• පදිංචිය පිළිබඳ වගකීම් ඉටු කිරීමට නොහැකි වීම
ඔබේ ස්ථිර පදිංචි තත්ත්වය රැක ගැනීමට, ඔබ පසුගිය වසර පහ තුළ අවම වශයෙන් දින 730ක් කැනඩාවේ සිටිය යුතුය. මෙම දින 730 අඛණ්ඩ විය යුතු නැත. ඔබ පහත සදහන් කොන්දේසි සපුරයි නම් විදේශගතව සිටින කාලයෙන් සමහරක් දින 730 ට ගණන් කළ හැක.
ඔබ කැනේඩියානු ව්‍යාපාරයක් හෝ සංවිධානයක්, හෝ කැනේඩියානු ෆෙඩරල්, පළාත් හෝ භෞමික(Territorial) රජයන්ට පූර්ණ කාලීනව සේවය කලේ නම් ඒ දිනවල් ඉහත සදහන් දින 730 ට ඇතුල් කල හැකිය.
මීළඟ ලිපියෙන් මම කතා කරන්න යන්නේ කැනඩාවේ Citizenship ක්‍රියාවලිය ගැනයි.
මෙම විද්‍යුත් පුවත්පතට කිසිදු කැනඩා රජයේ නියෝජිතායතනයකට හෝ කිසිදු ආගමන නීතීඥයෙකුට සම්බන්ධයක් නැත. මෙම නාලිකාවේ තොරතුරු දැනගැනීමේ අරමුණ සඳහා වන අතර ඒවා විවිධ Online සම්පත් වලින් එකතු කර ඇත. එබැවින්, ඔබගේ විශේෂිත ආගමන අවශ්‍යතා කරුණාකර විශේෂඥ ආගමන නීතීඥයෙකු හෝ උපදේශකයෙකු අමතන්න