කැනඩාව -පැනමාවට එරෙහිව සුහද පාපන්දු තරගයකට සැරසේ.

කැනේඩියානු පිරිමි පාපන්දු කණ්ඩායම ටොරොන්ටෝ හි BMO පිටියේදී පැනමාවට එරෙහිව සුහද පාපන්දු තරගයකට සූදානම් වනවා.එම තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතයි. කැනේඩියානුවන් 2024 කෝපා ඇමරිකා තරඟාවලියේ සිව්වන ස්ථානයට පැමිණි  අතර තුන්වන ස්ථානය සඳහා තරඟයේදී ඔවුන් 15 වතාවක් ශූරයන්වූ උරුගුවේ විසින්  පරාජයට පත් කරන ලදී.

මෙම තරගයේදී කැනඩාවේ ඉස්මායෙල් කෝන් සහ ජොනතන් ඩේවිඩ් විසින් ගෝල 2-1ක් ලෙස ඉදිරියෙන් සිටි අතර උරුගුවේ  ප්‍රහාරක ලුයිස් සුවාරෙස් අමතර කාලයකදී එය සමකිරීමට සමත්විය. අවසානයේ දඬුවම් පහර 4-3ක් ලෙස තරගය ජය ගැනීමට උරුගුවේ සමත් විය.කැනඩාව තරගාවලියෙන් පසුව FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානයේ සිට 40 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්විය.

කැනඩා පාපන්දු පවසන්නේ ඔක්තෝබර් FIFA කවුළුව තුළ තවත් විරුද්ධවාදියෙකු සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වන බවයි.කැනඩාවේ 2024-25 CONCACAF Nations League දෙවන අදියරේ අර්ධ අවසන් පූර්ව වටයේ සත්කාරකයා ලෙසද Toronto තෝරාගෙන ඇත. තරගය නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *