රටවල් 35 කට වීසා ගාස්තු ඉවත් කිරීමේ තීරණයක්..

රටවල් 35 ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.ඒ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි.

බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් ඊට ඇතුළත් ය.

ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ ය.අදාළ යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ පසුව වීසා ගාස්තු ඉවත් කිරීමේ අදාළ තීරණය ක්‍රියාත්මක වනු ඇති.

මීට පෙරද රටවල් 7ක් සඳහා සංචාරක වීසා ගාස්තු ඉවත් කරනු ලැබුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *