“කළුගංතොට සිංහයා”දැයෙන් සමුගනී.

අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මතුගම ආදාහනාගාරයේදී පසුගිය (30)  වැනිදා පස්වරුවේ සිදුකෙරිණි.ඒ ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසකගේ සෝ සුසුම් මැදයි.

“කළුගංතොට සිංහයා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ කතාබහට ලක්වූ  ආන්දෝලනාත්මක චරිතයකි.

වෙල්ගම මහතා පසුගිය සෙනසුරාදා අලුයම අභාවප්‍රාප්ත වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.මියයන විට ඔහු 74 වැනි වියේ පසුවුණි.

මතුගම හොරවල ඩැනිස්ටන්වත්තෙහි පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දක්වන්නට විශාල පිරිසක් පැමිණියා.හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ඔහුගේ දේශපාලන සමකාලීනයන් හා කලාකරුවන් ද ඒ අතර වුණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු මතුගම ආදාහනාගාරයේදී  සිදුකෙරුණේ වෙල්ගම මහතාගේ ඥාතීන්, හිතවතුන් හා ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මැදයි.

මේ අතර කුමාර වෙල්ගම මහතාගේ මරණය සිදුවූයේ 2022 මැයි 09 වැනිදා ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයේදී සිදුවූ පහරදීමෙන් ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

අරගලකරුවන් වෙල්ගම මහතාට සිදුකල දරුණු පහර දීම වලින් පසු බරපතල තුවාල සිදුවූ බවද  ඒ හේතුවෙන් වෙල්ගම මහතා වරින් වර අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවූ බවද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *