චීනයේදී සිරගතවු හිටපු කැනේඩියානු නියෝජිතයෙකු චීන බලධාරීන් තමාට “මානසික වධහිංසා” පමුණුවන බවට චෝදනා කළේය. මෙම සිදුවීම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.
සිරගතවු මයිකල් කොව්රිග් ( Michael Kovrig) පවසන්නේ ඔහු 2018 දෙසැම්බරයේ අත්අඩංගුවට ගෙන දින 1,000 කට වඩා වැඩි කාලයක් රඳවාගෙන මාස ගණනක් හුදකලා සිරකඳවුරේ තබා “නිර්දය ප්‍රශ්න කිරීම්වලට” ලක් කළ බවයි.
චීන රජය ඔහුගේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන් ඔහුගේ නඩුව නීත්‍යානුකූලව හසුරුවා ඇති බව පවසමිනි.
“ප්‍රාණ ඇපකරුවන් රාජ්‍ය තාන්ත්‍රිකභාවය” ලෙස කැනඩාව හැඳින්වූ නඩුවකදී චීන ව්‍යාපාරික මෙං වන්ෂෝ වැන්කුවර්හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔත්තු බැලීමේ චෝදනා මත කොව්රිග් මහතා සහ සෙසු කැනේඩියානු ජාතික මයිකල් ස්පාවර් රඳවා ගනු ලැබීය.කැනේඩියානු රජය එවකට චීන තාක්ෂණ දැවැන්තයෙකු වන Huawei හි ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන මෙංග් මහත්මිය එක්සත් ජනපද වංචා චෝදනා මත රඳවා තබා තිබුණි.
“මයිකල් කොව්රිග් ” නිදහස් කරනු ලැබුවේ වසර තුනකට ආසන්න කාලයකට පසුවය, එක්සත් ජනපද නඩු පවරන්නන් පිටුවහල් කිරීමේ ඉල්ලීම ඉවත් කර මෙංග් මහත්මිය නිදහස් කිරීමට එකඟ වීමෙන් පසුවය. කැනේඩියානු මහජන විකාශන ආයතනයක් වන සීබීසී සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කොව්රිග් මහතා පැවසුවේ “එය මා මෙතෙක් අත්විඳ ඇති වඩාත්ම දරුණු, වේදනාකාරී අත්දැකීම ලෙසයි.
තමා අත් අඩංගුවට ගත් රාත්‍රියේ ඔහු මාස හයක ගැබිනියක්ව සිටි තම සහකරු සමඟ බීජිං හි රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු නිවස බලා යමින් සිටි බව ප්‍රථම වතාවට කොව්රිග් මහතා තම දුක්ඛිත අත්දැකීම විස්තර කළේය.
“අපි මගේ මහල් ගොඩනැගිල්ල ඉදිරිපිට ප්ලාසා ඉදිරිපිට සර්පිලාකාර පඩිපෙළක් නැග්ගා,” ඔහු පැවසීය.
“කළු ඇඳගත් මිනිසුන් දුසිමක් අප වටා කැමරා තබාගෙන, ‘ඒ ඔහු’ යැයි චීන භාෂාවෙන් කෑගසයි.”
එවකට ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස සේවය කළ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන කොව්රිග් පැවසුවේ, පසුව තමාව මාංචු දමා, ඇස් බැඳ කළු SUV රථයකට විසි කළ බවයි.
පැයකට ආසන්න කාලයක් රිය පැදවීමෙන් පසු, ඔහුව කුටියකට ගෙන ගිය අතර, ඔහු මාස කිහිපයක් එහි රැඳී සිටියේය.
“එම අවස්ථාවේදී ඔවුන් පැවසුවේ, ‘ඔබ චීනයේ රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීම සම්බන්ධයෙන් සැක පහළ කරන බවයි. ඔබව ප්‍රශ්න කිරීමට නියමිතයි, ”කොව්රිග් මහතා පැවසීය. “මගේ කොඳු ඇට පෙළ දිගේ සීතලක් ගියා.”ඹහු පැවසීය.
කොව්රිග් මහතා චෝදනා කළේ චීන බලධාරීන් තමාට සැලකීම ජාත්‍යන්තර නීතිය කඩ කළ බවයි. “එක්සත් ජාතීන්ගේ සම්මතය දින 15කට වඩා හුදකලා සිරකඳවුරේ සිටීම නොවේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක් මානසික වධහිංසා ලෙස සැලකේ. මම මාස හයකට ආසන්න කාලයක් එහි සිටියෙමි,” ඔහු පැවසීය.දිනකට පැය හයේ සිට නවය දක්වා ප්‍රශ්න කිරීම්වලට භාජනය වෙමින් මාස හයක් ප්‍රතිදීප්ත පහන් යටතේ සම්පූර්ණයෙන්ම හුදකලා වූ බව ඔහු පැවසීය.
බොහෝවිට පැය ගණන් පුටුවක සිරකර තබාගෙන සිටි බවත්, විටෙක දිනකට බත් පිඟාන තුනකින් ජීවත්වීමට සිදුවූ බවත් ඔහු කීවේය.
“ඔවුන් උත්සාහ කරන්නේ හිරිහැර කිරීමට, වධ හිංසා කිරීමට සහ බිය ගැන්වීමට සහ ඔවුන්ගේ යථාර්ථයේ ව්‍යාජ අනුවාදය පිළිගැනීමට ඔබට බල කිරීමටයි,” කොව්රිග් මහතා පැවසීය.