පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම (11) වැනිදා මධ්‍යහ්න 12.00ට අවසන් වුණා.
නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඉකුත් 04 වැනිදා ආරම්භ වූ අතර එදින සිට පසුගිය 10 වැනිදා දිනය දක්වා දේශපාලන පක්ෂ නාම යෝජනා පත්‍ර 29ක් හා ස්වාධීන කණ්ඩායම් 42ක් නාම යෝජනා පත්‍ර භාර දී තිබුණි.
මැතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී තිබූ කාලසීමාව ඊයේ (10දා) මධ්‍යහ්න 12න් අවසන් විය. ඒ අනුව ස්වාධීන කණ්ඩායම් 293ක් තරග කිරීමට ඇප මුදල් තැන්පත් කර තිබුණි. වැඩිම ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් දිගාමඬුල්ල දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කර ඇති අතර එම සංඛ්‍යාව 42කි.
නාම යෝජනා පත්‍ර දහවල් 12.00ට භාර ගැනීම අවසන් කිරීමෙන් අනතුරුව නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීමට පැයක කාලයක් හිමි වන අතර පසුව පිළිගත් නාම යෝජනා පත්‍ර තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.
නාම යෝජනා පත්‍ර භාර ගැනීම සිදුවු දිනයේදී දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යොදවා තිබූ අතර කිසිදු ආකාරයක පිළිගැනීමේ උත්සව, පෙළපාළි පැවැත්වීමට අවසර නැති බව කොමිසම සඳහන් කරයි.
මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 30 වැනිදා ආරම්භ වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිස් ස්ථාන, පොලිසියට අයත් කාර්යාලවල ලබන 30 හා නොවැම්බර් මස 4 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිතය.
එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන හා ත්‍රිවිධ හමුදා කඳවුරුවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් මස 01 හා 04 දිනවලදී සිදුකෙරේ. එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයන්ට ලබන 07 හා 08 දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇත.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ලබාදුන් කාලසීමාව පසුගිය (10වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම ලබන 16 වැනිදා සිදුකරන බවද කොමිසම සඳහන් කරයි.
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත යැවීම සඳහා ලබන 23 වැනිදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදෙන බවද කොමිසම පවසයි.