ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි- ලෝක බැංකුවෙන් සහතිකයක්.

තීරණාත්මක වූ ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව පසුගිය  (ඔක්. 10) නිකුත් කළ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update) නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනය සඳහන් කර ඇත්තේ, සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍යකාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම හා දුප්පත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත මෙම තත්ත්වය අත්පත් කර ගැනීමට හැකි වී ඇති බව ත් ය.

අපනයන සංවර්ධනය, දුප්පත්කම නැති කිරීම, ආහාර සුරක්ෂිතභාවය, කාන්තා ශ්‍රම බළකාය ඉහළ දැමීමට අදාළ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ දිගට ම පවත්වා ගැනීම වැදගත් බව ත් ආර්ථිකයේ වර්ධනය රඳා පවතින්නේ ස්ථාවරභාවය මත බව ත් ලෝක බැංකුව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 10ක වාර්ෂික අපනයන ආදායමක් පවතින බව ත් එහි රැකියා 142,500ක පවතින නමුත් නිෂ්පාදන, සේවා සහ කෘෂිකර්මාන්තයේ අපනයන විවිධාංගීකරණය කිරීමට හා පුළුල් කිරීමට සැලකිය යුතු අවදානයක් දැක්වීම ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හේතුවනු ඇති බව ත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *