උපුල් තරංග අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු.

Sri Lanka’s chief selector and former international cricket player Upul Tharanga attends a press conference at the cricket board office in Colombo on May 13, 2024. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

විදේශගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ⁣තේරීම් කමිටු සභාපති උපුල් තරංග දිවයිනට පැමිණි විගස ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය පසුගියදා වරෙන්තු නිකුත්කර තිබේ.

මෙම වසරේ මාර්තු මස මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ලේජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සදහා බලපෑම් කළ බවට උපුල් තරංග විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ගොනුකළ නඩුව අද කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණය හමුවේ පෙනි නොසීටිම හෙතුවෙන් මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ තරගාවලියට ක්‍රීඩා කළ කැන්ඩි සැම් කණ්ඩායමේ හිමිකරු ඉන්දීය ජාතික යෝගි පටෙල් තමන්ට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණි කර තිබිණි.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබුණද අධිකරණයට නොදන්වා ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති විදෙස් ගතව ඇති බව හෙළිවිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *