මෙවර ග්‍රැමී සම්මාන උළෙල සඳහා මෙරට ගායිකාවක් වන යොහානිගේ “කෙල්ල” ගීත ඇල්බමය තේරි පත්ව තිබෙනවා.67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගෝලීය සංගීත ඇල්බමය සඳහා වන කාණ්ඩයට සලකා බැලීම සඳහා මෙය තේරිපත්ව තිබෙන බවයි පැවසෙන්නේ.‘කෙල්ල’ ගීත ඇල්බමය යොහානිගේ ගීත 14ක් ඇතුළත් පළමු ස්ටුඩියෝ ඇල්බමය වනවා.
“67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගෝලීය සංගීත ඇල්බමය කාණ්ඩයේ සළකා බැලීම සඳහා මගේ පළමු ඇල්බමය වන කෙල්ල නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බව දැනුම්දෙමි! මේ මොහොත මට පමණක් නොව, අපට වඩා විශාල දෙයක් විශ්වාස කිරීමට එඩිතර වන මගේ දිවයිනේ සෑම කලාකරුවකුටම සහ සිහින දකින්නකුට සැමරුමක් ලෙස හැඟේ.
කෙල්ල නිර්මාණය කළේ ආදරයෙන්, අපේ සම්ප්‍රදායන් තුළ මුල් බැසගෙන, ලෝකයේ නවීන ශබ්ද සමඟින්. සෑම තාලයක්ම, සෑම ගී පදයක්ම මගේ රට සහ හදවත පිළිබිඹු කරයි, ”ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
යොහානිගේ කුළුඳුල් ඇල්බමය වන ‘කෙල්ල’ ගීත 14කින් සමන්විත වන අතර එය සම්පූර්ණයෙන්ම ඇය විසින්ම රචනා කර ඇතැයි පැවැසේ.
මේ අතර යොහානි ද සිල්වා ගායනා කල දෙස් විදෙස් හී අතිශය ඡනප්රියවූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වන විට යූ ටියුබ් හී, මිලියන සියය ඉක්මවු පේ්රක්ෂක නැරඹුම් වාර ප්‍රමාණයක් සම්පූර්ණ කර තිබෙනවා.