

දහතුන් වැනි ආසියානු නෙට්බෝල් ශුරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ බැංග්ලෝර් බලා දිවයිනෙන් පිටත් විය.අවසන් ආසියානු ශූරතා දිත්වයේම ආසියානු ශූරතාවය දිනූ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගි වන්නේ පිටපිටම තුන්වන වරටත් ශූරියන් වීමේ බලාපොරොත්තුවෙනි. මෙවර ශ්‍රී ලංකාව ආසියානු ශූරතාවය ලබා ගතහොත් එය පිටපිටම තෙවරක් දිනූ එකම රට ශ්‍රී ලංකාව බවට පත්වනු ඇත.
මිට ප්‍රථම පවත්වා ඇති ආසියානු ශූරතා දොළොහ තුළ ශ්‍රී ලංකාව 06 වතාවක් ආසියානු ශූරතාවය ජයග්‍රහණය කර ඇති අතර එය ආසියානු ශූරතාවය වැඩිම වරක් දිනූ රට ලෙස තබා ඇති වාර්තාවකි. ශ්‍රී ලංකාවට පසුපසින් සිංගප්පූරුව ආසියානු ශූරතාවය තෙවරක් ලබාගෙන සිටියි.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුලංගි වන්නිතිලක දරන අතර මෙවර පුහුණුකාරිත්වය පී. ඩී. එන්. ප්‍රසාදි විසින් දරයි. ආසියානු නෙට්බෝල් ශූරතාවය ඔක්තෝම්බර් 18 ආරම්භ වී 27 වැනි දින අවසන් වේ.