කැනඩා කාන්තා රග්බි කණ්ඩායම වැන්කුවර්හිදී එංගලන්තය අභිබවා යයි.

ලෝක අංක 2 කැනේඩියානුවන් 12-7 ක් ලෙසින් ඉහළම ශ්‍රේණිගත රතු රෝස හෙවත්එංගලන්තය පරාජය කළේය.ඒ පසුගිය  සෙනසුරාදා පැවති තරගයකදීය.  WXV 1 තරඟයේ  මැද භාගයේදී, කැනඩාවේ ඇලෙක්ස් ටෙසියර් පන්දුව රැගෙන එංගලන්තයේ රේඛාව හරහා ලිස්සා ගොස්, ස්පර්ශ කිරීමට සමත්විය.එහිදී ප්‍රවර්ධනය සාර්ථක කරගත් කැනඩාව ලකුණු 12-7කින් ඉදිරියට යාමට සමත් විය.

කෙසේ වෙතත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින එංගලන්තය – ජාත්‍යන්තර තරඟාවලියේ අවසන් මහා තරඟයේදී කැනේඩියානුවන් 21-12ක් ලෙස පරාජය කර අඛණ්ඩව දෙවන වරටත් ශූරතාව දිනාගැනීමට සමත්විය.

ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන කැනඩාවට මෙම තරගය තීරණාත්මක පාඩම් සපයනු ඇතැයි නායිකා ටයිසන් බියුක්බූම් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *