අජියගේ මාසෙ පඩිය

මාසෙ අගදී අදුරු යායට සද බිදක් වැටිලා
ගැට ගැසී තිබු පපුව ලිහිලා , බෝඩිමේ හැලිලා
අජියගේ කළු මූන වෙනදට වඩා හරි එළියයි
කවුළු ඇරිලා , හිනා පිරිලා , මකුළු දැල් කැඩිලා
සිකියුරිටි උපසේන නම් කලියෙන් නිදාගත්තා
දවසෙ වෙහෙසෙම කාන්දම මාවත් ඇදට ඇද්දා
රැයේ නිදි වරමින් අජිත් මොනවාද ගැලපූවා
මේක අම්මට , මෙය තාත්තට කියා වෙන්කෙරුවා
උකස් කල අක්කාගේ මාලේ පොලිය ගැන කිව්වා
කොටු රූල් කොලයක් පිරෙන්නම තව ගණන් හැදුවා
පුංචි මල්ලිගෙ පපුවෙ සිදුරක් ඇතැයි පැවසූවා
කොළඹ එක්කන් යන්න ගාණක් වෙනම වෙන් කෙරුවා
උදේ බැලුවම සිකියුරිටි උපසේන හිටියේ නෑ , ගණන් ගැලපූ කොලය වැටිලා පෑගිලා තිබුණා
පෙරේදා අපි තුන් දෙනාටම බත් මුලයි තිබුණේ,අපේ පැත්තට තල්ලු කර කර ඌ ටිකයි කෑවේ
කවදා හෝ අපි කැඩී වෙන්වී යන බවක් කිව්වේ, රෑට වෙරිවූ වෙලාවට ඌ හෙමින් ඇඩුවේ
උපේ උඹ දන්නවද අජියා
උඹට මොකවත් කිව්වේ නෑ
එදා ඌ කල්පනා කර කර හිටියා
ඊට පස්සේ දැක්කෙ නෑ
කවියා – මහින්ද ප්රසාද් මස්ඉඹුල
කවි පොත – හිරුත් හිම පියල්ලක

වෙනස් ම ගීතයක්

යූ ටියුබ් වීඩියෝ දිගුව