
1985 දී එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියෙන් නිදොස් කොට නිදහස් කරන ලද සීක් ව්‍යාපාරික රිපුදමන් සිං මලික් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙක් කැනේඩියානු අධිකරණයකදී වරද පිළිගෙන ඇත.
1985 ජූනි 23 වන දින අයර්ලන්ත වෙරළට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයට කඩා වැටීමට හේතු වූ ගුවන් යානයට බෝම්බ තැබීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය 329 දෙනා මරා දැමීම සම්බන්ධයෙන් මලික් සහ සම විත්තිකරුවෙකු මිනීමැරුම සහ ඊට අදාලව කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් නොවන බව ඔප්පු විය. එම සිදුවීම අද දක්වා කැනඩාවේ දරුණුතම ගුවන් අනතුර ලෙස සැලකේ.
එදිනම ටෝකියෝ ගුවන් තොටුපළක තවත් බෝම්බයක් පිපිරී ජපන් ඡාතික ගමන් මලු හසුරුවන්නන් දෙදෙනෙකු මිය ගියේය. එම බෝම්බය පිපිරීමට පෙර තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් බැංකොක් වෙත පියාසර කර ඇති බවට විශ්වාස කෙරේ.
2022 දී 75 හැවිරිදි මලික් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැනර් ෆොක්ස් සහ ජෝස් ලෝපෙස් සඳුදා බ්‍රිටිෂ් කොලොම්බියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගත්හ. මුලින් මිනීමැරුම් චෝදනා එල්ල වූ දෙදෙනාට ඔක්තෝබර් 31 වැනිදා දඬුවම් නියම කිරීමට නියමිතය.
2023 ජුනි මාසයේදී කැනේඩියානු පුරවැසියෙකු වූ සීක් ක්‍රියාකාරිකයෙකු වන හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීමට නවදිල්ලියේ රජයේ ඒජන්තයින් සම්බන්ධ බවට ඔටාවා ර ඡය චෝදනා කිරීමෙන් පසුව, ඉන්දියාව සහ කැනඩාව අතර වැඩෙන ආතතීන් මධ්‍යයේ මෙම නඩුව නැවත පරීක්ෂාවට ලක් විය.