ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ්(Eric Walsh) මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.කැනේඩියානු මහකොමසාරිස්වරයා ඇතුළු නියෝජිතයන් හා අග්‍රාමාත්‍යවරිය අතර මෙම හමුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා.ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට කැනඩාව කැපවන බව මහකොමසාරිස් වොල්ෂ් මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්ව වර්ධනය කිරීම සහ රටේ ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායික අංශ නගා සිටුවීමේ වැදගත්කම ඇතුලු ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවද සඳහන්.රටේ සංවර්ධනය සඳහා අධ්‍යායපනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව මෙන්ම ජාතිය එක්සත් කිරීම තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්රගතියේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර තිබුණා
කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියා.