ජාතික ජන බලවේගය ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගත්තේ ය.ඒ, පසුගිය (26)වැනිදා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද කොට්ඨාස 17 න්, 15 ක් දිනා ගනිමින්.එහිදී ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17 295 කි.ඒ අනුව ඔවුන්ට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් මන්ත්‍රී ආසන 15 ක් හිමිවුණි.මෙහිදීසමගි ජන බලවේගය, ඡන්ද කොට්ඨාස 2 ක බලය තහවුරු කර ගන්නා ලදී.ඡන්ද 7924 ක් සමඟින් ඔවුන්ට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 6 කි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3597 ක් ලබා ගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආසන 3 ක් දිනා ගන්නා ලදී.පොදුජන එක්සත් පෙරමුණ ද මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් මන්ත්‍රී ආසන 2 ක් දිනා ගත්තේ ය.එහිදී ඔවුන්ට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 2612 කි.ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් ඡන්ද 2568 ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 2 ක් ජයග්‍රහණය කිරීමට ස්වාධීන කණ්ඩායමකට හැකි වුණි.පොදුජන එක්සත් නිදහස් සන්ධානය සහ ජාතික ජනතා පක්ෂය මන්ත්‍රී ආසන එක බැගින් දිනා ගත්තේ ය.ඡන්ද 1350 ක්පොදුජන එක්සත් නිදහස් සන්ධානයට හිමිවූ අතරජාතික ජනතා පක්ෂය හිමිවූ ඡන්ද සංඛ්‍යාව 521 ක් දිනා විය.මේ අනුව සමස්ථ විපක්ශට මන්ත්‍රීධූර 15ක් හිමිවිය.
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව55 643 කි.ඉන් ඡන්ද දායකයින් 36 825 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 520 කි.ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සාමකාමීව පැවති බව, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා ප්‍රකාශ කළේ ය.