වාහන අංක තහඩු මුද්‍රණය සීමාකිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව මෙලෙස අංක තහඩු නිකුත් නොකිරීම පිළිබඳව ලිපියක් වාහන නව ලියාපදිංචියේදී හා හිමිකම් පැවර්මේදී වාහන හිමිකරුවන් වෙත නිකුත්කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ලිපිය අනුව අංක තහඩු නිකුත් කිරීම යාවත්කාලීන කර නැවත දැනුම්දෙන තුරු එම වාහන හිමියන් අපහසුතාවයට පත්නොවන සේ කටයුතු කරන ලෙස ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ විසින් පොලිස්පතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
මේ අතර ලබන දෙසැම්බර් මස මුල සිට ගුවන් ගමන් බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී හිස්ගමන් බලපත්‍ර ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත්, එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
විදේශ ගමන්බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන්බලපත්‍ර 50,000ක් මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක්ද, දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක්ද වන ලෙස 750,000ක හිස් විදෙස් ගමන්බලපත්‍ර තොගයක් ඉදිරියේදී ලැබීමට නියමිතය. ඊට සමගාමීව තවත් හිස්ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර තිබේ.ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබයි.