මාලිමාවට ‌ ඓති­හා­සික ‌ඡයක්! – වාර්ථාරැසක් අලුත් කරයි.

ජාතික ජන බල­වේ­ගය ඡන්ද – 6,863,186ක් මන්ත්‍රී ධුර 159ක්

සමගි ජන බල­වේ­ගය ඡන්ද – 1,968,716ක් මන්ත්‍රී ධුර 40ක්

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය ඡන්ද  500,835ක් මන්ත්‍රී ධුර 05ක්

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඡන්ද 350,429ක් මන්ත්‍රී ධුර 03ක් 

ශ්‍රී ලංකා දේශ­පා­ලන ඉති­හා­සයේ එතෙක් මෙතෙක් පිහි­ටුවා නොතිබූ වාර්තා රැසක් පිහි­ටු­ව­මින් ජාතික ජන බල­වේ­ගය මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් ඡන්ද 6,863,186ක් ලබා පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙක ඉක්මවා යන බහු­තර බල­යක් සමඟ ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යක් දිනා ගැනී­මට සමත් වී තිබේ. ජාතික ජන බල­වේ­ගය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 61.56ක ජය­ග්‍ර­හ­ණ­යක් හිමි­කර ගත් අතර දිස්ත්‍රික්ක මට්ට­මින් 141 ක් හා ජාතික ලැයි­ස්තු­වෙන් 18 ක් වශ­යෙන් මන්ත්‍රී ධුර 159 ක් දිනා ගෙන ඇත. ජාතික ජන ­බ­ල­වේ­ගය මෙවර වාර්තා රැසක් පිහි­ටු­ව­මින් මෙම ජය­ග්‍ර­හ­ණ­යට හිමි­කම් කියූ අතර තනි පක්ෂ­යක් ලෙස මෙසේ පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙක ඉක්මවා යන බහු­තර බල­යක් ලබා ගැනී­මට ජාතික ජන­ බ­ල ­වේ­ග­යට හැකි­යාව ලැබීම ඉන් විශේ­ෂ­ත්ව­යකි.

ජාතික ජන බල­වේ­ගය මෙවර ලබා­ගත් ඡන්ද ප්‍රති­ශ­තය මෙතෙක් මහ­මැ­ති­ව­ර­ණ­ය­කදී පක්ෂ­යක් ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රති­ශ­තය වේ. මින් පෙර 2010 වස­රේදී එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය සිය­යට 60.33 ක ප්‍රති­ශ­ත­යක් ලබා ගෙන තිබිණි.

එමෙන්ම මහ­මැ­ති­ව­ර­ණ­යක ජය­ගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන හිමි කර ගැනී­මට ද ජාතික ජන බල­වේ­ග­යට හැකි­යාව ලැබුණු අතර එම වාර්තාව මින් පෙර එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය 2010 වස­රේදී තැබූ අතර ඒ ආසන 136කි.

එමෙන්ම මහ­මැ­ති­ව­ර­ණ­යක ජය­ග්‍ර­හ­ණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන ද මෙවර ජාතික ජන බල­වේ­ගය දිනා ගත් අතර එය දිස්ත්‍රික්ක 21කි. මින් පෙර එම වාර්තාව ද තබා ඇත්තේ එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය වන අතර ඒ දිස්ත්‍රික්ක 19 ක් වශ­යෙනි.

එමෙන්ම මහ­මැ­ති­ව­ර­ණ­ය­කදී ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන්නේ ද මෙවර ජාතික ජන බල­වේ­ගය දිනා ගනු ලැබූ ඡන්ද 6,863,186 ප්‍රමා­ණය වේ. මීට පෙර එය 2020 දී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ තැබූ වාර්තා­වක් වන අතර ඒ ඡන්ද 6853960ක් වශ­යෙනි.

එමෙන්ම දිස්ත්‍රික්ක මට්ට­මින් දිනා ගත් වැඩිම මන්ත්‍රී ධුර ගණ­නට හිමි­කම් කියන්නේ ද ජාතික ජන බල­වේ­ග­යයි. මෙවර ජාතික ජන බල­වේ­ගය දිස්ත්‍රික්ක මට්ට­මින් මන්ත්‍රී ධුර 141 ක් හිමි කර ගෙන තිබේ. මින් පෙර ඒ වාර්තාව තබා ඇත්තේ 2020 වස­රේදී ආසන 128 ක් ලබා ගනි­මින් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණයි.

එමෙන්ම මහ­මැ­ති­ව­ර­ණ­ය­කදි ජය­ග්‍ර­හ­ණය කළ වැඩිම මන්ත්‍රී ධුර ගණන ලෙස මන්ත්‍රී ධුර 159 ක් ලබා ගෙන වාර්තා­වක් පිහි­ටු­වී­මට ද ජාතික ජන­බ­ල­වේ­ගය සමත්ව තිබෙන අතර මින් පෙර ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මන්ත්‍රී ධුර 145ක් ජය­ග්‍ර­හ­ණය කර තිබිණි.

එමෙන්ම සමා­නු­පා­තික ක්‍රමය යටතේ පාර්ලි­මේ­න්තුවේ ආසන 225න් 2/3ක් තනි පක්ෂ­යක් දිනා ගත් පළමු අව­ස්ථාව මෙය වන අතර එම වාර්තාව තැබී­මට ද ජාතික ජන බල­වේ­ගය මෙවර සමත්ව තිබේ.

එමෙන්ම සිය­යට 3ක මනාප ප්‍රති­ශ­ත­යක සිට ශ්‍රී ලංකා ඉති­හා­සයේ මෙත­රම් වාර්තා තබ­මින් මහ­මැ­ති­ව­ර­ණ­යක් ජය­ග්‍ර­හ­ණය කළ පක්ෂය වන්නේ ද ජාතික ජන බල­වේ­ග­යයි.

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගය ඡන්ද 1,968,716ක් ලබා ගනි­මින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ක් සමඟ සමස්ත මන්ත්‍රී ධුර 40ක් හිමි කර ගෙන තිබේ. සමගි ජන බල­වේ­ගය ලැබූ සමස්ත ඡන්ද ප්‍රමා­ණය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 17.66ක් වේ.

එමෙන්ම තෙවැනි ස්ථාන­යට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යා­වක් දිනා ගැනී­මට ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමත් වී ඇති අතර එම පක්ෂය ඡන්ද 257,813ක් හිමි කර ගෙන තිබේ. එම පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද ඇතු­ළුව මන්ත්‍රී ධුර 8ක් හිමි කර ගැනී­මට සමත්ව ඇත.

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව 500,835ක් වන අතර හිමි කර ගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකත් ඇතු­ළුව මන්ත්‍රී ධුර 5කි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඡන්ද 350,429ක් දිනා ගනි­මින් මන්ත්‍රී ධුර 3කට හිමි­කම් කියන අතර ඉන් එක් මන්ත්‍රී ධුර­යක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යකි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සය ඡන්ද 87,038ක් ලබා ගනි­මින් මන්ත්‍රී ධුර තුනක් හිමි කර­ගෙන ඇති අතර ඉන් එක් ධුර­යක් ජාතික ලැයි­ස්තු­වෙන් හිමි කර­ගෙන තිබේ.

සර්ව­ජන බලය ඡන්ද 178,008ක් ලබා­ගෙන එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යක් දිනා ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය ද 66,234ක් ඡන්ද ලබා එක් මන්ත්‍රී ධුර­යක් දිනා ගෙන තිබේ. මීට අම­ත­රව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ද්‍රවිඩ ජාතික සන්ධා­නය ඡන්ද 66,382ක්, අඛිල ඉලං­කෙයි තමිල් කොංග්‍ර­සය ඡන්ද 39,894ක්, අඛිල ඉලං­කෙයි මක්කල් කොංග්‍ර­සය ඡන්ද 33,911ක්, යාප­නය ස්වාධීන කණ්ඩා­යම 17 ඡන්ද – 27,855ක්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඡන්ද 17710ක් ද, වශ­යෙන් ලබා ගෙන එක් මන්ත්‍රී ධුර­යක් බැගින් හිමි කර­ගෙන තිබේ.

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ලියා­ප­දංචි ඡන්ද දාය­ක­යන් 17,140,354 දෙන­කු­ගෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 11,815246 දෙනකු එනම් ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­ය­න්ගෙන් සිය­යට 68.93ක ප්‍රති­ශ­ත­යකි.

එසේ ප්‍රකා­ශිත මනාප අත­රින් 667,240 ක් ප්‍රති­ක්ෂේප වී තිබේ. ඒ අනුව මෙවර මැති­ව­ර­ණයේ වලංගු ඡන්ද සංඛ්‍යාව වන්නේ 11,148,006කි.

මනාප වාර්ථාවක් විඡිතගෙන්….

මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ අපේ­ක්‍ෂ­ක­යකු ලබා­ගත් වැඩිම මනාප ප්‍රමා­ණය ලබා­ග­නි­මින්, ජාතික ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත්  මහතා සුවි­ශේෂ වාර්තා­වක් පිහි­ටු­වී­මට සමත් විය.

ඔහු ලබා­ගත් මනාප සංඛ්‍යාව හත් ලක්ෂ දාසය දහස් හත්සිය  පහ­ළො­වකි. මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ වැඩිම දෙවැනි මනාප සංඛාව අත්පත් කර­ගනු ලැබුවේ ජාතික ජන බල­වේ­ග­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්කය සඳහා ඉදි­රි­පත් වූ අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය වන අතර, මනාප ඡන්ද 655,289ක් ලබා­ග­නි­මින් කොළඹ දිස්ත්‍රි­ක්කයේ පළ­මු­වැ­නියා වීමට ඇය සමත්ව තිබේ.

හිටපු ජන­පති මහින්ද රාජ­පක්‍ෂ මහතා 2020 මහ මැති­ව­ර­ණ­යට කුරු­ණැ­ගල දිස්ත්‍රි­ත්ක­යට තරග කර­මින් ලබා­ගත් මනාප  පන් ලක්‍ෂ විසි හත්ද­හස් තුන්සිය හැට­හ­තර වැඩිම මනාප තෙවැනි ස්ථානයේ පසු වන අතර, 2015 මහ මැති­ව­ර­ණ­යට කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කළ හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මනාප පන් ලක්ෂ පන්සිය හැට හයක් ලබා­ගෙන තිබිණි.

1994 මහ මැති­ව­ර­ණ­යේදී හිටපු ජනා­ධි­ප­තිනි  චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය පොදු පෙර­මුණ යටතේ ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කර­මින්  මනාප හාර ලක්‍ෂ හැට­හ­තර දහස් පන්සිය අසූ­අ­ටක් ලබා­ගැ­නී­මට සම­ත්වූ­වාය.

2010 මහ මැති­ව­ර­ණ­යේදී එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය යටතේ ගම්පහ දිස්ත්‍රි­ක­යෙන් තරග කළ බැසිල් රාජ­පක්‍ෂ මහතා මනාප 4 25,861ක් ලබා ගනි­මින් එම මහ මැති­ව­ර­ණ­යෙන් දිව­යිනේ වැඩිම මනා­ප­ලා­භියා බවට පත්විය. ඒ අනුව සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය අනුව 1989 සිට මේ දක්වා පැවති සියලු මැති­ව­රණ ප්‍රති­ඵල අනුව වැඩිම මනාප සංඛ්‍යා­වක් හිමි­කර ගෙන ඇත්තේ, විජිත හේරත් මහ­තායි.

හිටපු 60ක් ගෙදර…

වසර ගණ­නා­වක් තිස්සේ පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ ප්‍රබල මැති ඇමැ­ති­ව­රුන් 60කට අධික පිරි­සක් මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් අන්ත පරා­ජ­යක් ලබා සිය මන්ත්‍රී ධුරය ද අහිමි කර ගෙන තිබේ.

මින් වැඩිම පිරිස හිටපු අනු­ප්‍රා­ප්තික ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සමඟ එක් වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු වෙති. නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ නිමල් සිරි­පා­ලද සිල්වා, පවිත්‍රා වන්නි­ආ­රච්චි, මහින්ද අම­ර­වීර, හරීන් ප්‍රනාන්දු, ජානක වක්කු­ඹුර, විජිත් විජ­ය­මුණි සොයියා, ප්‍රමිත බණ්ඩාර තෙන්න­කොන්, රෝහණ දිසා­නා­යක, රමේෂ් පති­රණ, කංචන විජේ­සේ­කර, රංජිත් සිය­ඹ­ලා­පි­ටිය, නිමල් ලංසා, ලසන්ත අල­ගි­ය­වන්න, මනූෂ නානා­ය­ක්කර, අසංක නව­රත්න, මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, රාජිත සේනා­රත්න යන හිටපු මැති ඇමැ­ති­ව­රුන්ට මෙවර සිය මන්ත්‍රී ධුර දිනා ගැනී­මට හැකි­යා­වක් ලැබී නැත.

එමෙන්ම අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් වසර ගණ­නා­වක් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ දුමින්ද දිසා­නා­යක මහ­තාට මෙන්ම කෑගල්ල දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තු­වට පත් වූ දුෂ්මන්ත මිත්‍ර­පාල මහ­තාට ද සිය මන්ත්‍රී ධුරය මෙවර අහිමි වී තිබේ. මීට අම­ත­රව එස්.එම්. චන්ද්‍ර­සේන, තාරක බාල­සූ­රිය, හිටපු නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ, ශාන්ත බණ්ඩාර මහ­ත්ව­රුන්ට ද මෙවර සිය මන්ත්‍රී ධුරය අහිමි වී ඇත. අනුර ප්‍රිය­ද­ර්ශන යාපා සහ චින්තක අමල් මායා­දුන්න මහ­ත්ව­රුන්ට ද සිය මන්ත්‍රී ධුර රැක ගැනී­මට මෙවර අව­ස්ථාව අහි­මිව ගොස් තිබේ.

මීට අම­ත­රව සුසිල් ප්‍රේම­ජ­යන්ත, රෝසි සේනා­නා­යක, ප්‍රේම­නාත් සී. දොළ­ව­ත්තට ද පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද අහි­මිව ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රේම­ලාල් ජය­සේ­කර, තේනුක විදා­න­ග­මගේ, සංජීව එදි­රි­මාන්න, යූ.කේ. සුමිත්, රංජිත් බණ්ඩාර, ශෂීන්ද්‍ර රාජ­පක්ෂ, ඉන්දික අනු­රුද්ධ, ප්‍රසන්න රණ­වීර, සරණ ගුණ­ව­ර්ධන, ඩී.වීර­සිංහ, සි.බී රත්නා­යක, සරත් වීර­සේ­කර ප්‍රබ­ල­යන් රැස­කට ද මෙවර මන්ත්‍රී ධුර දිනා ගැනී­මට අව­ස්ථාව හිමිව නොමැත.

එමෙන්ම සමගි ජන බල­වේ­ගයේ චන්දිම වීර­ක්කොඩි, බන්දු­ලාල් බණ්ඩා­රි­ගොඩ, බුද්ධික පති­රණ, අශෝක අබේ­සිංහ, ඩිලාන් පෙරේරා මහ­ත්ව­රුන්ට ද පාර්ලි­මේන්තු බලය අහිමි වී ඇත. මීට අම­ත­රව සර්ව­ජන බලය නියෝ­ජ­නය කර­මින් මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ චන්න ජය­සු­මන, දිලුම් අමු­ණු­ගොඩ, රොෂාන් රණ­සිංහ, වීර­සු­මන වීර­සිංහ, උදය ගම්ම­න්පිල, චරිත හේරත් මහ­ත්ව­රුන් ද මෙවර සිය මන්ත්‍රී ධුර අහිමි කර ගෙන තිබේ.

එමෙන්ම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ නියෝ­ජ­නය කර­මින් මහ­මැ­ති­ව­ර­ණ­යට තරග කළ රංජන් රාම­නා­යක සහ වඩු­වේල් සුරේෂ් ද මෙවර තම මන්ත්‍රී අසුන අහි­මි­වීම විශේ­ෂ­ත්ව­යකි.

ඊළාම් ජනතා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂ­යෙන් ඉදි­රි­පත් වූ ඩග්ලස් දේවා­නන්දා මහ­තාට ද මෙවර සිය මන්ත්‍රී ධුරය අහිමි වී ඇති අතර තමිල් මක්කල් විදු­ද­ලෛයි පුලි­කල් පක්ෂ­යෙන් ඉදි­රි­පත් වූ ශිව­නේ­ෂ­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන් මහතා ද මෙවර සිය මන්ත්‍රී ධුරය හිමි වී තිබේ.
ඊට අම­ත­රව ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂ­යෙන් ඉදි­රි­පත් වූ එම්.ඒ. සුම­න්දි­රන් මහ­තාට ද මන්ත්‍රී අසුන අහිමි වී ඇත.

මාස ඒකහමාරක් තුල මාලිමාවේ සැලකියයුතු වර්ධනයක්….

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජාතික ජන බල­වේ­ගය හිමි­ක­ර­ගත් මනාප ප්‍රමා­ණ­යට වඩා මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ දී මනාප සංඛ්‍යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.

ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ ජාතික ජන බල­වේ­ගය ජන­තා­වගේ විශ්වා­සය පෙරට වඩා ශක්ති­මත් කර ගැනී­මට සමත්ව ඇති බව ඒ අනුව පෙනී යයි.

ජාතික ජන බල­වේ­ගයේ ජන­පති ධුර අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් ව ජනා­ධි­පති ධුර­යට පත්වූ අනුර කුමාර දිසා­නා­යක මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඡන්ද 5,634,915ක් ලබා­ගත් අතර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ගය ලබා­ගත් මනාප ගණන 6,863,186කි.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යෙක් ලෙස ඉදි­රි­පත් වූයේ සමගි ජන බල­වේ­ග­යෙනි. එවර මැති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගය මනාප 4,363,035ක් ලබා ගත්ත ද මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ග­යට හිමි­වන්නේ මනාප 1,968,716ක් පමණි. ඒ අනුව පෙනී යන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ සමගි ජන බල­වේ­ගයේ ඡන්ද පද­නම 2,394,319කින් අඩුවී ඇති බවය. සමගි ජන බල­වේ­ගය විශාල වශ­යෙන් පසු­බෑ­ම­කට ලක්ව ඇති බව ඒ අනුව පෙනී යයි.

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූයේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙනි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මනාප 2,299,767ක් මෙම පක්ෂ­යෙන් තරග කළ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ලබා­ගත්ත ද මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණට හිමි­වන්නේ මනාප 500,835ක් පමණි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ලබා­ගත් මනාප සංඛ්‍යාව හා සැස­ඳී­මේදී නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ මනාප ප්‍රමා­ණය දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ 1,798,932කින් අඩුවී ඇත්තේ එම පක්ෂය ද විශාල පසු­බෑ­ම­කට ලක් වෙමිනි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කළ නාමල් රාජ­පක්ෂ මහතා මනාප 342,781ක් ලබා­ග­ත්තේය. මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මනාප 350,429ක් ලබා­ගෙන ඇත. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මනාප 7,648කින් සුළු වැඩි­වී­මක් මහ­මැ­ති­ව­ර­ණ­යේදී ළඟා­කර ගැනී­මට සමත්ව ඇතත් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ යනු 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සිය පක්ෂය ඉදි­රි­පත් කළ කුලු­ඳුල් අපේ­ක්ෂ­කයා වූ ගෝඪා­භය රාජ­පක්ෂ මහතා ඡන්ද 6,924,255ක් ලබා­ගෙන ජනා­ධි­පති ධුර­ය­ටත්, මහ­මැ­ති­ව­ර­ණ­යේදී ඡන්ද 6,853,693ක් ලබා­ගෙන පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බහු­තර බල­යක් හිමි­කර ගත් පක්ෂ­යක් මේ තැනට වැටී ඇති බව අම­තක නොකළ යුතුය.

2019 වසරේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස මහතා අපේ­ක්ෂ­ක­යෙක් ලෙස සමගි ජන බල­වේ­ග­යෙන් ඉදි­රි­පත්වී ඡන්ද 5,564,239ක් ලබා­ග­ත්තත් 2020 මහ­මැ­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ග­යට හිමි­කර ගැනී­මට හැකි­යාව ලැබෙන්නේ ඡන්ද 2,771,984ක් පමණි.

2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ජාතික ජන බල­වේ­ගය සිය කුලු­ඳුල් අපේ­ක්ෂ­කයා ලෙස අනුර කුමාර දිසා­නා­යක මහතා ඉදි­රි­පත් කරන අතර එහිදී ලබා ගැනී­මට හැකි­යාව ලැබෙන්නේ ඡන්ද 418,553ක් පමණි. 2020 මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ග­යට හිමි­වන්නේ ඡන්ද 445,958කි. මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ලක්ෂ 68කට වැඩි මනාප ප්‍රමා­ණ­යක් ජාතික ජන බල­වේ­ගය හිමි­කර ගන්නේ මෙයට පෙර අව­සා­න­යට ඉදි­රි­පත්වූ මහ­මැ­ති­ව­ර­ණයේ ලබා­ගත් ලක්ෂ­හ­ත­ර­හ­මා­ර­කට ආසන්න මනාප ප්‍රමා­ණ­ය­ජ­නතා විශ්වා­සය තුළින් තවත් ඉහළ නංවා ගැනී­මට සම­ත්වීම හේතු වෙනි.

ඡනපතිගෙන් සහ ටිල්වින්ගෙන් ඡනතාවට ප්‍රණාමය….

මහ මැතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ප්‍රණාමය පුදකර තිබේ.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඡන්ද දාකයින් වෙත සිය ස්තූතිය පළකර තිබේ.

එහි ඔහු සඳහන් කර ඇත්තේ ‘ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!’ යනුවෙනි.

මේ අතර මෙවර පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පැරණි ප්‍රභූ පැලැන්තියේ සහ වරප්‍රසාද සහිත දේශපාලනය අවසන්ව පොදු ජනතාවගේ දේශපාලනයක් බිහිව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.එසේම මෙවර මැතිවරණයේදී ජාතිවාදය පරාජය වී ඇතැයි ද සදහන් කරයි.ඒ මහතා මෙම අදහස් පැවසූවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද සවස පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය.ජනතාව ලබා දුන් තුනෙන් දෙකකට වැඩි බලයෙන් උදම්වී කටයුතු නොකර ජනතා සේවය වෙනුවෙන් කටයුතු කරන බව ද මෙම ජයග්‍රහණය බරක් බව වටහාගෙන කටයුතු කරන බව ද කීවේය.මෙවර මැතිවරණයේදී පරාජයට පත් වූයේ දේශලපාලඥයින් මිස ජනතාව නොවේ යැයි ද එනිසා රට ගොඩ නැගීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයිද පැවසූ ඒ මහතා ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය රජය උපරිම අයුරින් කටයුතු කරන බව ද සදහන් කළේය.

ඉන්දියාවත් සුබ පතයි…

 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ඒ පිළිබඳ එක්ස් අවකාශයේ සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවී සිටින බවය.

2024 මහමැතිවරණය යනු හේතු ගණනාවක් නිසාම සුවිශේෂී වූවකි. ලාංකේය දේශපාලනයේ දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සුවිශේෂී වන්නා සේම මැතිවරණ දේශපාලනයට සෘජුව අදාළ වන අණපනත් කිහිපයක් නිසා ද, මෙම සුවිශේෂත්වය තීව්‍ර වන බව කිවහැකිය. පළමුකොටම මෙය පීඩාවට එරෙහිව හිස එසවූ ජනතා අරගලයේ තෙවැනි අදියරයි. පළමුවැන්න ලංකා ඉතිහාසයේ පළමුවරට මහජන විරෝධයෙන් විධායක ජනාධිපතිවරයකු ගෙදර යැවීමය. දෙවෙනි අදියර නම් ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා ලාංකේය වම ද, නිර්ප්‍රභූ දේශපාලනය ද එකවර නියෝජනය කළ අනුර කුමාර දිසානයක මෙරට පාලකයා බවට පත්වීමය. තාවකාලික ආණ්ඩු බලයක් ලබාගත්, සංක්‍රාන්තික කාලය නිමා කොට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නිර්ප්‍රභූ දේශපාලන ව්‍යාපාරය පළමු වරට ‘රාජ්‍ය බලය‘ අත්පත් කරගන්නේ මෙම මැතිවරණයෙනි. 53 හර්තාලයෙන් පසු 1956 මහමැතිවරණය තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අලුත් දේශපාලන පෙරළියක් සිදුවූ බව සැබෑය. එහෙත් එය පැවති වැඩවසම්, රදළ ප්‍රභූ ක්‍රමයේම පිල්මාරුවක් විනා නිර්ප්‍රභූ දේශපාලන ව්‍යාපාරයකට බලය මාරුවීමක් නොවේ. ඒ නිසාම මෙම මහමැතිවරණය සැබෑ ජනතා අරගලයේ ප්‍රකාශනයක් බැව් අමුතුවෙන් කිවයුතු නොවේ.

මහමැතිවරණයට ලබා දී ඇති සමස්ත නාමයෝජනා සංඛ්‍යාව 8888ක් වන අතර, ඉන් 527ක් ජාතික ලැයිස්තුව යටතේ භාර දී ඇත. සෙසු 8361ක් වන අපේක්ෂකයන් අතරින් අපේක්ෂකයන් 5015ක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ද ස්වාධීන අපේක්ෂකයන් ලෙස 3346ක් ද ඉදිරිපත්ව ඇති බව සඳහන්ය.

ඡනපතිගේ මැතිවරණ වේදිකාව…

මේ අතර ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතිය පුරා මැතිවරණ රැස්වීම්වලටද සහභාගි වන අයුරු දැකගත හැකි විය. ආණ්ඩුවට ඇත්තේ කෙටි ආයුෂ කාලයක් බව විපක්ෂයේ කණ්ඩායම් පවසන්නට වීමත් සමඟ මැතිවරණ වේදිකාවේදී ඔහු ඊට පිළිතුරු බැඳ තිබුණි.

“ආණ්ඩුවට තියෙන්නෙ මාස 03 යි කියනවා. දැන් වෙන පක්ෂවල ක්‍රියාකාරිත්වයක් තිබෙනවද? අපේ ආණ්ඩුවට තියෙන්නෙ මාස 03 යි නම්, ගන්නෙ කවුද? ගන්න කෙනකුත් නැහැ. ඒ නිසා ජාතික ජනබලවේගය ආණ්ඩුව මේ රට හදලා මිසක් ආපසු හරවන්න බැරි බව මේ සියලු දෙනා තේරුම් ගත යුතුයි. මේ කතා ඔවුන් දුකට කියන කතා. ඔවුන් කවදාවත් හිතුවේ නැහැ, ඔවුන් අතින් මේ විදියට බලය ගිලිහෙයි කියලා. ඔවුන් හැමදාම හිතුවේ ඔවුන්ගේ කණ්ඩායම් අතරේ බලය තියාගන්න පුළුවන් කියලා. ඔවුන් කවදාවත් නොසිතූ දෙයක් සිදු වුණා.”‍

මේ අතර ජනාධිපතිවරයා දැකබලා ගැනීමට බලාපොරොත්තුවෙන් මහ මග රැඳී සිටි පිරිසක් අභිමුව සිය මෝටර් රථය නවතා දරුවන්ට සහ වැඩිහිටියන්ට කතා කර යාමට ජනාධිපතිවරයා කටයුතු තිබීම ද ඉකුත් සතියේ වාර්තා වූ සුවිශේෂී සිදුවීමක් විය. මේ පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වූයේය.

මේ අතර නුවරඑළියේ පිහිටි ජනාධිපති මන්දිරය සහිත උද්‍යානයේ කාබනික එළවළු හා පළතුරු වගා කෙරෙන්නේ රටේ ජනාධිපතිවරයාගේ පරිභෝජනය සඳහාය. සිකුරාදා සවස නුවරඑළිය ජනාධිපති මන්දිරයේ සිට එළවළු සහ පළතුරු කිලෝ ග්‍රෑම් 60 බැගින් කොළඹ ජනාධිපති මන්දිරයට එවීම වසර ගණනාවක් තිස්සේ සිදුවන්නකි. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙම කරුණු වාර්තා වීමෙන් පසුව ඔහුට අපූරු අදහසක් මතු විය.

“අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පිටකොටුව එළවළු මාර්කට් එකේ එළවළු, පළතුරු කන්න හොඳ නම් ඒක මටත් පොදුයි. මාත් සාමාන්‍ය මනුස්සයෙක්.” යැයි කී ජනාධිපතිවරයා කාබනික වගාවේ එළවළු පළතුරු තමන්ට අවශ්‍ය නොවන බවත් ඒවා ආරක්ෂක අංශයට පරිභෝජනයට ගන්නා ලෙසත් අදාළ අංශවලට උපදෙස් ලබාදෙන ලදී.

මෙරට දේශපාලනයට ප්‍රමිතියක් සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉකුත් 4 වැනිදා අම්පාරේ පැවැති ජන රැලියට සහභාගි වෙමිනි.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුව බවට අද ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්ව තිබෙන බවත් රටේ සහ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ආර්ථික වශයෙන් අත්පත් ‌කරගන්නා සංවර්ධනයෙන් පමණක් නොවන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. 

මේ අතර පාස්කු කමිටු වාර්තා, මුදල් අච්චු ගැසීම, ණය ලබා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් උපුටා දක්වමින් පසුගිය දිනවල උදය ගම්මන්පිල විසින් ආණ්ඩුවට අභියෝග කළේය. පසුගිය දිනවල පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු කිහිපයකදීම ගම්මන්පිලගේ මෙම අභියෝගය ගැන මාධ්‍යවේදීන් විජිත හේරත් අමාත්‍යවරයාගෙන් දිගින් දිගටම විමසන්නට විය.

“ඔය හැම කාරණයකටම ආණ්ඩුව විසින් ඉතා පැහැදිලි පිළිතුරු ලබා දීලා තියෙන නිසා ගම්මන්පිලගේ අභියෝගවලට තවදුරටත් පිළිතුරු දීම කාලය නාස්ති කිරීමක්. තවත් ඒ ගැන කතාකරලා වැඩක් නැහැ” යැයි විජිත හේරත් අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

සඡිත්ගේ උකුසු ඇස….

මේ අතර පසුගිය සතියේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි වැඩියෙන් සමාජ මාධ්‍ය වේදිකා තුළට නිරාවරණය වීම ඉකුත් දෙසතිය පුරා සිදු කරමින් සිටියේය.

ඒ අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති අපේක්ෂකයාගේ ක්‍රියා කලාප සහ ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබුණි.

“අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවෙදි කිව්වෙ, රජයේ සේවකයන් වෙනුවෙන් මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා, බඩු මිල, ඉන්ධන මිල, විදුලි බිල අඩු කරලා පාස්පෝට් පෝලිමට විසඳුම් ලබා දෙනවා කියල. නමුත් ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නෑ. විදුලි බිල සියයට 33 කින් අඩු කරනවා, හොරකම අල්ලස දුෂණය නිසා විදුලි බිල වැඩි වෙනවා කියල කිව්වත් අද විදුලි බිල අඩු නොවන්නෙ මේ දූෂණය නිසාද කියල අපි දැනගන්න කැමතියි. අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා කිව්වා. හැබැයි සාමාන්‍ය ජනතාව පාරිභෝජනය කරන සහල් ටිකවත් දරාගන්න පුළුවන් මිලකට දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෑත කාලයේ පොල් පෝලිම් ද ඇතිවෙලා.”‍

මේ අනුව පසුගිය සතිය වන විට සමගි ජනබලවේගය ද සිය මැතිවරණ යාන්ත්‍රණය වඩාත් සක්‍රීය කිරීමට උත්සාහ දරන බව පෙනී ගියේය.  

මේ අතර සමගි ජන ‍බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිටින්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ මුලස්ථානය වෙතය. ඊට හේතුව පසුගියදා ඔහුට ලැබුණු තොරතුරකි.

ඉන් කියැවුණේ ස.ජ.බ.යේ පිරිසක් හොර රහසේ එ.ජා.ප. නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසෙන බවකි. එම කපුකම එජාපයේ සභාපති වජිර අබේවර්ධන විසින් සිදු කොට ඇති බවද වාර්තා වී තිබිණි. පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පසුව ස.ජ.බ.යෙන් තේරී පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් රනිල් වික්‍රමසිංහට සහාය ලබා ගැනීමේ සැලසුමක් මේ වන විටත් වජිර අබේවර්ධන විසින් ආරම්භ කර තිබීම ඊට හේතුව බවද වාර්තා වේ.

රනිල්,මාලිමා ගැටුම….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනිකව සක්‍රිය වීමත් සමඟ ඉකුත් සතිය පුරාවට විවිධ කලබගෑනි වාර්තා විය. රනිල් – හරිනි ගැටුම ඒ අතරින් ප්‍රමුඛ වූයේය. පසුව රනිල් වික්‍රමසිංහ මහතා දිවයින පුරා රැස්වීම්වලට සහභාගි වීමද අරඹා තිබුණි. ඒ අනුව පසුගිය සතියේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ වත්මන් ආණ්ඩුවට එරෙහිව නඩු දෙකක් පැවරීමට නීතිඥයන් ඇතුළු පිරිසක් යෝජනා කළත් තමන් එය වළක්වාලූ බවයි.

“පැරදුණු අපේක්ෂකයෙක් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනතුරු ඇමැති කෙනෙක් ලෙස පත් කරන්නට බැරි බව හෝඩිය පන්තියේ කෙනෙක් වුණත් දන්නවා. ඉතින් මේ අය ලක්ෂ්මන් නිපුණආරච්චි පත් කළත් හොඳ වෙලාවට ඒක නතර වුණා. අගමැතිගේ පත් කිරීම සම්බන්ධවත් ඇතැමුන් අධිකරණයට යන්න සූදානම් වුණත් මම එය නතර කළා. අගමැති ලෙස පත් කළ යුත්තේ මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනා.

පළමුවෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් අහන්න තිබුණා. එතුමා බහුතරය නැතැයි කියනවා නම් විපක්ෂ නායකගෙන් අහන්න තිබුණා. 2019 ජනාධිපතිවරණයෙන් පසුව මා ගෝඨාභය රාජපක්ෂ ජනපති හමුවී අගමැති ධුරය තබා ගැනීමට කිසිම බලාපොරොත්තුවක් නැති බව පැවසුවා. නමුත් අප ඉල්ලා අස්වන්නේ බ්‍රහස්පතින්දා බවත් දැනුම් දුන්නා. නමුත් මෙවර එවැනි විමසීමක් සිදුවූයේ නැහැ. සමහර නීතිඥයන් පැමිණ නඩු පවරමු යැයි පැවසුවා. එසේ කළ යුතු නැති බව මම දැනුම් දුන්නා.”‍

රනිල් වික්‍රමසිංහ මහතා නඩු දැමීම වළක්වා තිබුණද ආණ්ඩුවෙන් ඔහුට නඩු වැටී තිබිණි. විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් මිලදී ගැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්ව කටයුතු කර තිබුණේ ඒ අනුවය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ආණ්ඩුවටද නොරිස්සුම් බව පෙනී ගියේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කී කතාවත් සමඟිනි.

“පරාජයට පත්වූ රනිල් වික්‍රමසිංහ නැවත වටයකින් බොරු කියමින් විහිළු සපයමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහගෙන් ව්‍යවස්ථාව ගැන ඉගෙන ගන්න කියලා ඔහු කියලා තිබුණා. ව්‍යාවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න එයාට කිසිම අයිතියක් නැහැ. ව්‍යවස්ථානුකූලව තිබුණු ඡන්ද කඩාකප්පල් කරපු, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු, අධිකරණය නියෝග පවා නොතකා හරිමින් වැඩ කරපු රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ ඒකාධිපතිවාදය ගැන මිස ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ගැන නොවෙයි. පැරදුණාට පස්සෙත් ආණ්ඩුවෙන් කෝකියෝ 16 දෙනකු ඉල්ලා සිටියා නම්, ඒ කාලයේ කොහොම පාවිච්චි කරන්න ඇත්ද?”

මේ අතර වැඩිදුරටත් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණේ මැතිවරණය අවසන් වූ සැණින් රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බවකි. ඔහු විවේකයක් ලබා ගැනීමේ අරමුණින් විදෙස්ගත වන බව කීවද යම් ජාත්‍යන්තර ආයතනයක තනතුරක අපේක්ෂාවක් පවතින බව ඇතැම් ආරංචි මාර්ග කියා සිටියි.

පොහොට්ටුව සුබවාදී බලාපොරොත්තුවක….

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද බිම් මට්ටමේ දේශපාලන රැස්වීම් වැඩි වශයෙන් සංවිධානය කිරීමට කටයුතු කරන බව ඉකුත් සතිය පුරා පෙනී ගියේය. පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවයින පුරා ගමන් කරමින් රැස්වීම් රැසකට සහභාගි වන අයුරු දැකගත හැකි විය. ඔහු දිගින් දිගටම කියා සිටියේ ආණ්ඩුවේ යහපත් තීරණවලට සහයෝගය දැක්වීමට තමා ඇතුළු කණ්ඩායම පසුබට නොවන බවකි. එසේම ජාතිකවාදී දේශපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමේ කඳවුර බවට තමන් පත්ව සිටින බවත් ඔහු ජනතාවට සිහිපත් කළේය.

රට ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ඔහු පවසා තිබුණේ ඒ අනුවයි. එසේම සිය පක්ෂයෙන් ඈත්වුණු පිරිස් දැන් නැවතත් පක්ෂයට පැමිණෙමින් සිටින බවද ඔහු පසුගිය සතියේ පවසා තිබුණි.

“පහුගිය ජනාධිපතිවරණයට පෙර සිදුවීම් එක්ක බැලු‍වාම හිත් අමනාපකම් හින්දා, යම් යම් කාරණා නිසා ජනතාව අපෙන් ඈත් වුණා. සමහරු නායකයෝ නිසා අපෙන් ඈත් වුණා. නායකයෝ වරදාන වරප්‍රසාද නිසා අපෙන් ඈත් වුණා. දිස්ත්‍රික් නායකයාගේ ක්‍රියා කලාපය නිසා ජනතාව ඈත් වුණා. වරදාන වරප්‍රසාද නිසා නායකයෝ ඈත් වුණා. ඈත්වෙච්ච නායකයෝ ගියාවේ කියල ඒ නායකයෝ නිසා හිත් අමනාප වෙච්ච, හිත් බිදිච්ච අපේ පාක්ෂිකයෝ නැවත වතාවක් අපි එක්ක එකතු වෙමින් ඉන්නවා. අපි ඔවුන්ව ආදරයෙන් පක්ෂයට පිළිගන්නවා. මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. අපි ගමට වැඩ කරලා තියෙනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනයට අපි වැඩ කරලා තියෙනවා. මම අදත් විශ්වාස කරනවා වර්තමාන ආණ්ඩුව මේ දරුවන්ගේ අධ්‍යාපනය හදන්න මහන්සි වෙන්න ඕනෑ.”

දිලිත් – රංඡන් කරටකර සටනක…

මැතිවරණ සටන අවසානය කරා එළඹෙන විට ආසන කිහිපයක් හෝ දිනා ගැනීමේ අරමුණු සහිතව කටයුතු කරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සහ දිලීත් ජයවීරගේ සර්වජන බලය අතර ද තරගයක් නිර්මාණය වී ඇති බව පෙනී ගියේය.

මේ අනුව ඉකුත් සතියේ මෙම කඳවුරු දෙක අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව මැතිවරණ වේදිකාවලදී ඔවුන් පවසන කතා ඇසුරින් පෙනී ගියේය.

රන්ජන් රාමනායකගේ පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වූ තිලකරත්න ඩිල්ෂාන්ගේ පුරවැසිභාවය ද දිලිත් ජයවීර ඇතුළු සර්වජන බලය විසින් ප්‍රශ්න කර තිබුණි.

තමා ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති බවට කරන ප්‍රකාශ ඔප්පු කරන ලෙස එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අපේක්ෂක, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීරට අභියෝග කර සිටියේය.
සිය පුරවැසිභාවය ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් දිලිත් ජයවීරට බැණ වැදුණු තිලකරත්න ඩිල්ෂාන් කියා සිටියේ, දිලිත් ජයවීරට තම ප්‍රකාශය ඔප්පු කිරීමට හැකි නම් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තමා සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *