කවි පොතකින් පිටුවක් සහ විනී හෙට්ටිගොඩගේ 91 කාටුනය

වැඩිමහල්ලන්ගේ කවියකි

කෙලවර ඉඩෝරය

වැසි පල ලැබෙන වාරය

බිම් කොටා හමාරය

දැන් බිජු ඉසින මාසය

අපට දැඩි වෙහෙසය

දඬු මැසි බැඳිය නොහැකිය

නුඹේ දෑත් යදඬුය

හේනට කෙතට පුරුදුය

පොලොව සරුසාරය

බිරියන් වැඩට සූරය

පලදාව නිසැකය

ගොවියනි, දිනුම සිකුරුය

නිරි සතුන් බහුලය

ඉනි වැට බිඳිනු ලෙහෙසිය

වල් අලින් දරුනුය

ගිනිමැල ගැසිය යුතුමය

නොබලා මාන්සිය

දරුවනි, උදව් දීපිය

අපට ඇත ප්‍රීතිය

නුඹලාට සියලු වාසිය

බොහෝ සේ නුදුරුය

අස්වනු පැසෙන කාලය

පැල් රකින කාරිය

කවියනි, තොපට බාරය!

දර්ශන මේදිස්

(කඳුළු මිටියාවතින් – 1992)

මේ 2024 නොවැම්බර් 18 දින විනී හෙට්ටිගොඩ මුහුණු පොතින් බෙදා ගත්තකි

https://www.facebook.com/profile.php?id=100008514661334

Winnee Hettigoda

sotrSeondpa t3 5ff08M3r1b093vN69em712i54Ag:1o2f 0i0 8gh103e17  · 

මෙම හෝල්ට් කාටුනය මා නිර්මාණය කලේ 1991. 07. 07. වන දිනය. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වසර පනහක් පිරීම නිමිත්තෙනි, මෙහි වැදගත් දෙය නම් වසර 50ක් ගතවීත් රට පාලනයට සුදුස්සෙකු ඉන් බිහි නොවීමයි. කාලය තවත් ගතවිය,අවසානයේ ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වසර 84 වූ තැන රට පාලනයට සුදුස්සන් රොත්තක් විශ්වවිද්‍යාලයෙන් බිහිවිය. අසවල් විශ්වවිද්‍යාලයෙන් යයි මම නොකියමි. අනෙක් අතට විශ්වවිද්‍යාලයෙන් ලත් මග පෙන්වීමෙන්ද යන්නත් නොකියමි. කෙසේ හෝ උගතුන් විශාල පිරිසක් පාලනය අතට ගැනීම සුබ ලකුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *