දුවේ….අපි මහගමු ඉරිච්චා…..

සියල් තන්හිම දැනී අහවර වෙච්ච කල්හිත් මග වරද්දා
අතින් අල්ලන් තොටුපලක් නැති ගඟ දියට බැන බැන ඇවිද්දා
අතීතය පසු කරන් ගිය බව අනාගතයම කර පරද්දා
වෙනස්කම් වුව දරා ගත්තේ අහස පොළවට ගෙන පුරුද්දා…..
අගුල් ගන්වා තැබූවත් හිත පලුදුවන සුලු තැන් අවුස්සා
මගුල් මුදුවට ලියපු කොලයක පරම පිවිතුරු කම ගිවිස්සා
ඇතුල් ගිනි පිටතට නොයන්නට රටත් – ලෝකය කර හිනස්සා
කිතුල් ගහටත් නැගපු උන් ගැන දත යුතුයි අග – මුල අගිස්සා……
කිරෙන් දිය වෙන් කරනු හැකිවුව මහ ගොඩක් කල්ගත නොවෙච්චා
නියෙන් සිඳ ගත හැකිව තිබු තැන් පොරෝ තලයට තැරි ගැහිච්චා
මලෙත් රොන් ඇත බඹරු ඔබ මොබ සැරි සැරූවද මග ඇරිච්චා
වරෙන් දැන්වත් ගෙදර යන්නට, දුවේ…. අපි මහගමු ඉරිච්චා…..
_ රුවන් ජයරත්න _
https://www.facebook.com/ruwan.jayatathe



https://www.facebook.com/indra.liyanage.754

තාත්ති අතේ නැල වෙච්චි
අම්මි අතේ ඒල්ලිච්චි
අපි දෙන්නගෙ පන වෙච්චි
පංසල් යයි පොල් කිච්චි
..රෝමියෝ..

ගෙඩියේ නැට්ට කරකවලා කඩපු නිසා
තැරියේ වටට ඉරි ඇඳිලා තියෙන නිසා
රසයේ තරම ගෙඩියෙන් මට පෙනෙන නිසා
බොන්නෑ තැඹිලි කැස්සට ඒය අගුණ නිසා
..රෝමියෝ..

නියරේ ඇවිද යනවිට ලැසි ලතාවට
කුඹුරේ ගොයම් නැවිලවී යයි රටාවට
පද්දා නිතඹ යන තාලෙට හිනාවට
නාඹර ගොයම පීදී නැත වෙලාවට
..රෝමියෝ..
තනිකඩ රෝමියෝ
https://www.facebook.com/profile.php?id=100051877395019

ලියන්ගහවෙල පඤ්ඤාසේකර
https://www.facebook.com/insta.panhinda.7
සීතලම තැන් වලත්
උණුහුමක් තැවරූ
අරුම හදවත් තිබේ
කාන්සිය නිවපූ
උතුරණා හිනාවක
ලෙන්ගතුම හිත් ඇතේ
ජීවයෙන් පිරුණූ..
මායාව පෙනි පෙනී
හරි දිශා හොයලා
දෝලාව බිම තබා
දෙපා මත රැඳිලා
හිත පුරා සෙනේ පා
ලඟම ඉමි කියලා
රිදුම් දෙන හිස්තැනක
සිටියි තනි මකලා..
බොහොමයක් තැන් අසල
මතකයේ රැඳුණූ
ගීතයකි ජීවිතේ
සුවඳ දී සැලුණූ
ඉනාවක් වගේ මයි
සදා සිත දිලුණූ
සුබ දිනක් උදාවෙයි
ආදරය පිරුණූ!!!
-රේණු..
රේණුකා ඉලංගකෝන්