බෝම්බ් සුළි කුණාටුවෙන්(Bomb Cyclone) කැනඩාවට දැඩි බලපෑම්.

බ්‍රිටිෂ් කොලොම්බියාව British Columbia හරහා පසුගියදා හමාගිය සුලිකුණාටුවක් හේතුවෙන් දස දහස් ගණනක් වැසියන්ට දැඩ්පීඩා එල්ලවිය. මේ හේතුවෙන් නගරයේ   විදුලිය විසන්ධි විය .

කෙසේ වෙතත්, 210,000 කට අධික විදුලි පාරිභෝගිකයින් බලපෑමට ලක් වූ ඔවුන්ගේ සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව BC Hydro පැවසීය.

පසුගිය බදාදා පෙරවරු 11.30 වන විට  පාරිභෝගිකයන් 90,000කට පමණ විදුලිය විසන්ධි වී තිබු අතර  බහුතරය, එනම් 80,000 ක් පමණ වැන්කුවර් දූපතේ සහ ගල්ෆ් දූපත් වල වැසියන් විය. දැනට වඩාත්ම පීඩාවට පත් වූ ප්‍රදේශ වන්නේ Nanaimo, Victoria, Duncan, Ladysmith සහ Port Hardy ය.

විදුලිය විසන්ධි වීම හේතුවෙන් බටහිර 49 වැනි මාවතේ පිහිටි ලංගාරා විද්‍යාලයේ ප්‍රධාන මණ්ඩපය දහවල් 12 දක්වා වසා දමා තිබිණි.උතුරු වැන්කුවර් හි අඟහරුවාදා සවස, ගසක් විදුලි රැහැන් මතට කඩා වැටීමෙන් පිපිරීමක් සිදු විය.

වැන්කුවර්, පෝට් මූඩි සහ පෝට් කොකිට්ලම් ඇතුළු ප්‍රදේශවල ගස් කඩා වැටී ඇත. සමහර ගස් මෝටර් රථ මත වැටී මාර්ග අවහිර වීම් වාර්ථා විය. කෙසේ වෙතත්, ඉන් කිසිදු ඡීවිතහානියක්  වාර්තා වී නොමැත.වැන්කුවර් දූපතේ මහාමාර්ග කිහිපයක් වසා දමා ඇති අතර, පෝර්ට් ඇල්බර්නිට නැගෙනහිරින් 4 වන අධිවේගී මාර්ගය ඇතුළුව ගස් සහ අතුකඩාවැටීම් වාර්ථාවිය.සහන සේවකයන් විශාල කැබලි ඉවත් කිරීමට කටයුතු කරම්න් තිබිණි.

කුණාටුව හේතුවෙන්

•          Highway 4 from Highway 4A (Errington) to Port Alberni, and from Port Alberni to Tofino/Ucluelet junction

•          Highway 14 west of Sooke

•          Highway 18 at Hillcrest

•          Highway 28 from Gold River to Campbell River

•          Pacific Marine Circle Route යන මාවත් වලට බලපෑම් එල්ලවිය.

මේ අතර කැනඩාවේ පරිසර බලධාරීන්  පැවසුවේ මෙට්‍රෝ වැන්කුවර් හි උච්ච සුළං වේගය වැන්කුවර් ගුවන් තොටුපළේ පැයට කිලෝමීටර 78 ක් සහ ඩෙල්ටා ට්සව්වාසන් තොටුපළේ දී පැයට කිලෝමීටර 87 කට ළඟා වූ බවයි.

ග්‍රේටර් වික්ටෝරියා ප්‍රදේශයේ, ඩිස්කවරි දූපතේදී පැයට කිලෝමීටර 96 ක වේගයකින් ද, රේස් රොක්ස්හිදී පැයට කිලෝමීටර 113 ක වේගයකින් ද, වික්ටෝරියා වරායේ දී පැයට කිලෝමීටර 74 ක වේගයකින් ද, වික්ටෝරියා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැයට කිලෝමීටර 69 ක වේගයෙන් ද සුළං හමා ගියේය.

උතුරු වැන්කුවර් දූපතේ, සාර්ටයින් දූපතේදී පැයට කිලෝමීටර 170 ක වේගයකින් ද, සෝලන්ඩර් දූපතේ දී පැයට කිලෝමීටර 137 ක වේගයකින් ද, හර්බට් දූපතේ දී පැයට කිලෝමීටර 102 ක වේගයකින් ද, පෝට් හාර්ඩි ගුවන් තොටුපළේ දී පැයට කිලෝමීටර 102 ක වේගයෙන් ද සුළං හමා ගොස් තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *