උත්සව සමය වෙනුවෙන් කැනේඩියානුවන්ට සහනයක්.

එළඹෙන උත්සව සමයේ ඉලක්ක කර ගනිමින් කැනේඩියානුවන් සඳහා බදු සහනයක් ලබාදීමදීමට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ රජය සූදානම් වනවා. ඒ අනුව දෙසැම්බර් දාහතර වෙනිදා සිට මාස දෙකක කාලයක් සඳහා මෙම සහන හිමිවනු ඇති.ඒ අනුව ජී එස් ටී (GST) හෙවත් භාණ්ඩ හා සේවා බද්ද හා එච් එස්. ටි (HST) හෙවත් සුසංයෝගී විකුණුම් බද්ද අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.මේ යටතේ සිල්ලර භාණ්ඩ, ආපනශාලාවලින් මිලදී ගන්නා ආහාර පාන, ටින් කළ හා ශීත කළ ආහාර, බියර් ඇතුළු පාන වර්ග මෙන්ම ළමුන්ගේ ඇඳුම් පාවහන් හා සෙල්ලම් බඩු ආදිය සඳහා මෙම බදු සහන යෝජනා කර තිබෙනවා.

මෙහිදී 2023 වසරේදීය ඩොලර් එක්ලක්ෂ පනස්දහසකට වඩා අඩුවෙන් ඉපයූ  කැනේඩියානුවන් සඳහා මෙම වට්ටම් හිමි වනු ඇති. මේ යටතේ එක් පුද්ගලයෙකු සඳහා ඩොලර් 250 ක මුදලක් රජයෙන් ලබා දීමට ද තීරණය කර තිබෙනවා. එළඹෙන උත්සව සමය ඉලක්ක කර කැනේඩියානුවන් සඳහා මෙම සහනය ලබාදීමට සියලූ දේශපාලන පක්ෂවල සහාය ලබාදෙන ලෙසයි අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉල්ලා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *