ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය (18දා) පෙරවරුවේ දිවුරුම් දීම සිදුකෙරිණි.
නව ඇමැති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරුන් පහත පරිදි වේ.
01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
02. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
04. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
06. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
08. රාමලිංගම් චන්ද්‍රසේකරන් – ධීවර, ඡලජ සහ සාගර සම්පත් අමාත්‍ය
09. මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය
10. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
13. මහාචාර්ය සුනිල් සෙනෙවි – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
16 සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය
17. වසන්ත සමරසිංහ – වෙළෙ ඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
19. අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
21 .වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය
කැබිනට් මණ්ඩලය දිවූරුම් දීමෙන් අනතුරුව අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා අදහස් දැක්වූ අතර එහිදි ඹහු ප්‍රකාශ කළේ සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට, ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තිබෙන බවත් , හැමදේනාම එහි වගකීමක් හා බලයේ බැඳීමක් තිබෙන බව තේරුම් ගත යුතු බවත් එය ආරක්ෂා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
එමෙන්ම අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළේය.
ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම වෙනස් වූ බවත් තව දුරටත් බෙදීමේ දේශපාලනයක් අවශ්‍ය නොවන බව මෙවර මැතිවරණයෙන් පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
එමෙන්ම ජාතික ජන බලවේගයට ශක්තිමත් ජන වරමක් ලබාදීමට උත්සාහ ගත් සියලු ජනතාවට ස්තූති වන්ත වන බව ද ජනාධිපතිවරයා පැවසීය.
එහිදී වැඩිදුර අදහස් දැක් වූ ජනාධිපතිවරයා
“මේ ජයග්‍රහණය ලබාගැනීමේ දී පොදුජනයාගේ විශාල මැදිහත්වීමක් තිබුණු බව අපි දන්නවා. අපි විශේෂයෙන් දන්නවා දේශපාලන යාන්ත්රණයට සම්බන්ධ නොවුණ, අපිට කතා නොකළ විශාල පිරිසක් අපි වෙනුවෙන් වැඩ කරා. මතක තියාගන්න ඔවුන් සෑම අවස්ථාවකදීම විශාල පිරිසක් අපගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණා. ඒ වගේම අපි මේ ජයග්‍රහණය වෙනුවෙන් දීර්ඝ කාලයක් පොරබැද්දා. මෙතෙන ඉන්න බොහෝ අය ළමාකාලයේ, තරුණ කාලයේ සිට මේ සිහිනය වෙනුවෙන් බොරබැද්ද. කාලය, ශ්‍රමය පමණක් නොවන තමන්ගේ ජීවිතයෙන් පවා මේ ජයග්‍රහණය වෙනුවෙන් පොර බැදීමක් තිබුණා. ආරම්භයේ දී අපේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න අපේ අරමුණ වෙනුවෙන් මැදිහත් වුණ අය හිටියා. සමහරු අතරමැදිව අපිව දාලා ගියා. එහෙම වුණත් අපේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම අවස්ථාවකදී ඔවුන් අපිට සහාය දුන්නා. එයත් මේ ජයග්‍රහණයට විශාල පිටුවහලක්. ඒ නිසා අපිට ආකාර දෙකක වගකීමක් තියෙනවා. එකක් පොදුජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තිබෙන වගකීම. දෙක ව්‍යාපාරය වෙනුවෙන් තිබෙන වගකීම.
අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රශාරණය කරනවා. බලය විසින් බලය යළි යළි වර්ධනය කරනවා. හැබැයි සමහරු කියනවා බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඔප්පු කරලා තියෙනවා. අපේ රටෙත් අවස්ථා කිහිපයක මෙවැනි බලයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ බලයේ අවසාන ප්‍රතිඵලය ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට සැකයක් ඇති අපිට ලැබුණ අසීමිත බලය කොතැනකට තල්ලු කරයි ද කියලා. අපිට බලය තියෙන එක ඇත්ත ඒ වගේම බලයේ සීමාමායිම් වගේම බලයෙන් සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය අපි හැමකෙනාම දන්නවා. බලයේ අරමුණක් තියෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා. ප්‍රධානම දේ මේ බලය වගකීම් සහිතයි. එක් අතකින් පුරවැසියන්ට, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.මේ බලය අපි හැසිරීමේ දී අපි වගවිය යුතුයි. අපිට වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තියෙනවා. හැමදේනාම තේරුම් ගන්න එහි වගකීමක් හා බලයේ බැඳීමක් තියෙනවා. එය ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.”
මේ අතර අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබේ.
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19)වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.