කැනඩාවේ තැපෑල් සේවකයන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හමුවේ පාර්සල් මිලියන අටකට වැඩි ප්‍රමානයක් බෙදාගත නොහැකිව සිරවී ඇති බව වාර්ථා වනවා.
වෘත්තීය සමිති බලධාරීන් පසුගිය සෙනසුරාදා පැවසුවේ රට පුරා තැපැල් සේවකයන් 55,000 කට වැඩි පිරිසක් රැකියාවෙන් ඉවත් ව නොවැම්බර් 15 සිට වැඩ වර්ඡනයක නිරතව ඇති බවයි. මෙම වැඩ වර්ඡනය හේතුවෙන් තැපෑලේ බෙදාහැරීම් අඩාලව ඇති බවයි වාර්ථා වන්නේ.වැටුප් හා කොන්ත්‍රාත් කාලය මෙන්ම රැකියා සුරක්ෂිතභාවය, ප්රතිලාභ සහ සේවා කොන්දේසි ඇතුළු ගැටළු මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වී තිබේ.කැනඩා තැපැල පවසන්නේ විශේෂ මැදිහත්කරුවෙකුගේ සහාය ඇතිව කැනේඩියානු තැපැල් සේවකයින්ගේ සංගමය සමඟ සති අන්තයේ සාකච්ඡා දිගටම පැවති බවයි.
අර්ථ දක්වා ඇති ප්රතිලාභ විශ්‍රාම වැටුප් සහ රැකියා සුරක්ෂිතතා ප්‍රතිපාදන ආරක්ෂා කරමින් වසර හතරක් පුරාවට සියයට 11.5ක වැටුප් වැඩිවීමක් සහ අමතර වැටුප් සහිත නිවාඩු ලබාදී ඇති බව බලධාරීන් පවසයි.එහෙත් වසර හතරක් පුරාවට සියයට 24ක සමුච්චිත වැටුප් වැඩිවීමක් සඳහා සංගමය ඉල්ලා ඇත.
සති අන්තයේ නැව්ගත කිරීම් හා බෙදා හැරීමට පූර්ණ කාලීන සේවකයින් අවශ්‍ය වන නමුත් කැනඩා තැපැල පවසන්නේ තවත් අර්ධකාලීන කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට යෝඡනා වී ඇති බවයි.