දේශසීමා ප්‍රශ්න විසඳන තුරු කැනේඩියානු නිෂ්පාදන සඳහා සියයට 25ක තීරුබදු අය කිරීමට ට්‍රම්ප් සැරසේ.

කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට පැමිණෙන සියලුම නිෂ්පාදන සඳහා සියයට 25 ක තීරුබදු පැනවීමේ විධායක නියෝගයකට අත්සන් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ජනාධිපති ලෙස තේරී පත් වූ පසු සමාජ මාධ්‍ය වෙත අදහස්  පළ කරමින් කියා සිටියේ , ජනවාරි 20 වන දින ධවල මන්දිරයේදී තම  පළමු දිනයේ රාජකාරියක් ලෙස මෙම බදු පැනවීම සිදුකරන බවයි.

ට්‍රම්ප්ගේ තීරුබදු සැලැස්ම පිළිබඳ නිවේදනය දෙරට අතර  දේශසීමා ආරක්ෂක ගැටළු පිලිබිබුවන අවස්ථාවක් වේ. “හැමෝම දන්නා පරිදි, මෙක්සිකෝව සහ කැනඩාව හරහා දහස් ගණනක් ජනයා ගලා එයි, අපරාධ සහ මත්ද්‍රව්‍ය මින් පෙර කිසිදා නොදුටු මට්ටමට ගෙන එයි,” රිපබ්ලිකන් පක්ෂය අදහස්  පළ කළේය.

ට්‍රම්ප් කියා සිටියේ රටවල් දෙකම මත්ද්‍රව්‍ය, විශේෂයෙන් ෆෙන්ටැනයිල් සහ මිනිසුන් නීතිවිරෝධී ලෙස දේශසීමා තරණය වලක්වන  තෙක් තීරුබදු ක්‍රියාත්මක වන බවයි. එම ගැටළු විසඳන තුරු කැනඩාව සහ මෙක්සිකෝව “ඉතා විශාල මිලක් ගෙවනු ඇත!”යනුවෙන් ට්‍රම්ප් අදහස් දක්වා ඇත.

කැනඩාව සහ එක්සත් ජනපදය අතර ශක්තිමත්ම සහ සමීපතම සබඳතාවයක් ඇත, විශේෂයෙන් වෙළඳ සහ දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන්, නියෝජ්‍ය අගමැති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ඩොමිනික් ලෙබ්ලාන්ක් පසුගිය සඳුදා රාත්‍රියේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ඔටාවා පරිපාලනය  රිපබ්ලිකන් පරිපාලනය සමඟ දේශසීමා ආරක්ෂක ගැටළු පිළිබඳව දිගටම සාකච්ඡා කරන බවයි.“කැනඩාව දේශසීමා ආරක්ෂාව සහ අපගේ හවුල් දේශසීමාවේ අඛණ්ඩතාව සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙයි,” ඹහු  පවසයි.

ඒමෙන්ම සියයට 25ක තීරුබදු කැනඩාවේ සහ එක්සත් ජනපදයේ කම්කරුවන්ට සහ රැකියාවලට තදින් බලපානු  ඇතැයි ෆෝර්ඩ් පැවසු අතර එළඹෙන සඳුදාට පෙර, කැනඩාව හදිසි ඇමති මණ්ඩල  රැස්වීමක් කැදවන ලෙස අගමැති ජස්ටින් ටෘඩෝගෙන් ඉල්ලා සිටියහ.කැනේඩියානු අපනයනවලින් සියයට 77කට වඩා වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදයට යන අතර ඒය කැනඩාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60ක්  වේ.

තීරුබදු ඇමරිකානු ආර්ථිකයේ විශාල පෙරළියක් ද ඇති කරනු ඇති අතර ජීවිතය වඩාත් දැරිය හැකි මිලකට සහ බලශක්ති වෙළඳපොළ වැඩි කිරීමේ ප්‍රචාරණයෙන් පසුව ට්‍රම්ප් කැනඩාව  සමඟ ගමන් කරයිද යන්න පැහැදිලි නැත.එක්සත් ජනපද බලශක්ති ආනයනයේ විශාලතම ප්‍රභවය කැනඩාව වන අතර කැනේඩියානු බොරතෙල් අපනයන සියල්ලම පාහේ 2023 දී එහි අසල්වැසියා වෙත යොමු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *