තවත් සති දෙකකින්, කැනේඩියානු ක්‍රීඩා මාධ්‍ය ප්‍රභුන් රැස්වී වසරේ කැනේඩියානු මලල ක්‍රීඩකයා තෝරා ගැනීමට නියමිතයි.ඒ අනුව මෙම වසරේ ක්‍රීඩිකා ලෙස පිහිනුම් ක්‍රීඩිකාව සමර් මැකින්ටොෂ් තෝරා පත්කරගැනිමට වැඩි ඉඩක් පවතී.
පසුගිය දෙසැම්බරයේ, ලෝ මාෂ් කුසලානය ලෙස කලින් හැඳින්වූ සම්මානය පැසිපන්දු තරුවක් වන ෂායි ගිල්ජියුස්-ඇලෙක්සැන්ඩර් ට හිමි වූයේ ඔහු NBA MVP ඡන්ද විමසීමේ පස්වන ස්ථානයට පත්වීම සහ කැනේඩියානු පිරිමි කණ්ඩායම ලෝක කුසලාන ලෝකඩ පදක්කමක් සහ එහි පළමු ඔලිම්පික් තරගයකට නායකත්වය දුන් බැවිනි.
මේ වසරේදී ගොල්ෆ් ක්‍රීඩක නික් ටේලර්, වසර 69 කට පසු පිරිමි කැනේඩියානු විවෘත ශූරතාව දිනාගත් පළමු කැනේඩියානු ක්‍රීඩකයා බවට පත්විය. සහ පිහිනුම් ක්‍රීඩිකා සමර් මැකින්ටොෂ්, ඇගේ තුන්වන සහ සිව්වන වෘත්තීය ලෝක ශූරතාව දිනා ගත් අතර ලෝක වාර්තා දෙකක් බිඳ දැමීය.
සමර් මැකින්ටොෂ් පැරිස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් තුනක් දිනාගත් අතර එය කැනේඩියානු මලල ක්‍රීඩකයෙකු විසින් එක් ක්‍රීඩා උළෙලකදී වාර්තා කරන ලද වැඩිම පදක්කම් සංඛ්‍යාව වේ.