2025 කාන්තා රග්බි  final බලන්නඉහල ඉල්ලුමක්.

එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 කාන්තා රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සදහා ඉහල ඉල්ලුමක් පවතියි.

 අවසන් තරගය පැවැත්වෙන ආසන 82,000 කින් සමන්විත අලියාන්ස් ක්‍රීඩාංගනයේ නිශ්චිත ධාරිතාව තවමත් තහවුරු කර නොමැති අතර, 2023 දී එම ස්ථානයේදීම එංගලන්තය ප්‍රංශය පරාජය කළ තරගයදි පැමිණි ප්‍රේක්ෂකයක් 58,498 සහ ප්‍රංශයේ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගනයට පැමිණි 66,000 ප්‍රෙක්ෂකයන් ප්‍රමාණය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2025 සැප්තැම්බර් 27 අවසන් මහා තරඟය පැවැත්වීමට සංවිධායකයින් සංවිධායකයින් සැලසුම්කර ඇත.සමස්තයක් වශයෙන්, තරඟාවලිය සඳහා ප්‍රවේශපත්‍ර 220,000 කට වඩා දැනට අලෙවි වී ඇති අතර, එය ඉතිහාසයේ හොඳම සහභාගීත්වය වනු ඇති බවට සහතික වේ.2022 දී නවසීලන්තයේ පැවති තරඟාවලිය සඳහා මිලදී ගත් ප්‍රවේශපත්‍රවලට වඩා 50% වැඩි ප්‍රවේශපත්‍ර 2025 සඳහා දැනටමත් අලෙවි වී ඇති බව සංවිධායකයින් පැවසීය.

ප්‍රේක්ෂකයන්ට නැවත ප්‍රවේශපත්‍ර මිලදී ගත හැක්කේ පෙබරවාරි මාසයේදී තවත් ඒවා අලෙවියට නිකුත් කරන විටය.”2025 කාන්තා රග්බි ලෝක කුසලානයට ලැබුණු ප්‍රතිචාරය විශිෂ්ටයි,” තරඟාවලියේ කළමනාකාර අධ්‍යක්ෂ සාරා මැසේ පැවසුවාය.

“එංගලන්තයට අභිමානවත් රග්බි උරුමයක් ඇති අතර කාන්තා ක්‍රීඩාව සඳහා විශාල රුචියක් ඇත, මෙය ඉතා ඉක්මනින් ටිකට්පත් සඳහා ඇති ඉල්ලුමෙන් පිළිබිඹු වේ.”

තරඟාවලිය අගෝස්තු 22 වන දින සන්ඩර්ලන්ඩ් හි ලයිට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර එහිදි සත්කාරක එංගලන්තය එක්සත් ජනපදය සමඟ තරඟ වැදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *