දූෂණයන්ට සම්බන්ධ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා පනවා ඇත.ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එයාර් බස් ගුවන් යානා මිලට ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී තිබේ.
එසේම රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට චෝදනා එල්ල වී ඇඑක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, 7031(c) වගන්තිය යටතේ පුද්ගලයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් යන කොටස් දෙකම ප්‍රසිද්ධියේ නම් කර ඇති අතර, ඔවුන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබේ.
මීට අදාළ එක්සත් ජනපද වාර්තාවේ මෙසේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන
7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව කපිල චන්ද්‍රසේන සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම් කරයි. චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාව එයාර්බස් ගුවන් යානා වෙළෙඳපොළ වටිනාකමට වඩා මිල දී ගැනීම සහතික කිරීම සඳහා අල්ලසක් ලබාගත්තේය. මෙම ක්‍රියාවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම් කරනු ලැබේ.
උදයංග වීරතුංග, රුසියාවේ හිටපු තානාපති
7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව උදයංග වීරතුංග සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම්කරයි. වීරතුංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂිත යෝජනා ක්‍රමයකින් පෞද්ගලිකව ප්රතිලාභ ලබාගත්තේය. මෙම ක්‍රියාවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම්කරනු ලැබේ
මේ අතර අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය(ITJP) ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික අපරාධවලට සම්බන්ධ චෝදනා කරමින්, එම පිරිස්වලට එරෙහිව සම්බාධක සහ වීසා තහනම් ඉල්ලීම් 60 කට වඩා ඉදිරිපත් කර ඇත.
මේවා අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ යුරෝපා සංගමය වෙත මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමුකර තිබේ.ශ්‍රී ලංකා හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්, දෙමළ අතුරු හමුදාව මෙන්ම විනිසුරුවරුන් සහ හිටපු අමාත්‍යවරුන් ඇතුළු සිවිල් සේවකයන් සම්බන්ධවී සිදුකළ බව කියන බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ සැලකිය යුතු දූෂණ මෙම ඉදිරිපත් කිරීම්වලින් ආවරණය වන බව අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය පවසයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ම්ලේච්ඡ අපරාධවලට නීති විරෝධී ඝාතන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ සිවිල් යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදු කරන ලද විවිධ ආකාරයේ ලිංගික හිංසනයන් ද ඊට ඇතුළත් වේ.ෙමේවා සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාරවල සිට යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ඇතුළු බරපතල අන්තර්ජාතික අපරාධ දක්වා විහිදේ.
තවද, අසූව දශකයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ සේවයේ යොදවා සිටි කාලපරිච්ඡේදය තුළ දරුණු මානව හිමිකම් කඩකිරීම් සහ මහා සාහසික අපරාධවලට හවුල් වූ බව කියන හඳුනාගත් හිටපු ඉන්දීය සාමසාධක හමුදාවේ නිලධාරීන් ගණනාවක් සඳහා වීසා තහනම් ඉල්ලීම්ද ITJP ඉදිරිපත් කර ඇත.
“මේ දක්වා කිසිදු අපරාධ වගකීමක් නොමැති අවස්ථාවක, අතීත සහ වත්මන් අපරාධ ලේඛනගත කිරීම, සාක්ෂි විශ්ලේෂණය කිරීම සහ සත්‍යය තහවුරු කිරීම සඳහා සෑම අංශයක්ම භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. එක්සත් රාජධානියේ නව ආණ්ඩුව මේ වසරේ මානව හිමිකම් දිනයේදී ශ්‍රී ලංකාවේ ගැටුම අවසන් වූ සමයේ යුද අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ගේ චෝදනාවට ලක් වූ භූමිකාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ට සම්බාධක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් ITJP විධායක අධ්යක්ෂ යස්මින් සූකා සන්ද්දහන් කර ඇත.