ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනයෙන් කැනඩා – මෙක්සිකෝ සබඳතාවලට දැඩි බලපෑම්.

එක්සත් ජනපදයේ  ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයට පෙර තීරුබදු තර්ජනයක් මධ්‍යයේ, මෙක්සිකෝව බස් රථයට යට කළ බවට කැනඩාවට චෝදනා එල්ල වේ. පසුගිය සතියේ ට්‍රම්ප් තර්ජනය කළේ, එක්සත් ජනපදය සමඟ ඔවුන්ගේ හවුල් දේශසීමා සුරක්ෂිත නොකළහොත්, ජනවාරියේ බලයට පත්වන විට රටවල් දෙකටම 25% තීරුබදු පනවන බවයි.

මේ සමග කැනේඩියානු බලධාරීන් තම රටේ දේශසීමා ගැටළු මෙක්සිකෝවෙන් ඈත් කිරීමට ඉක්මන් වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දකුණු දේශසීමාවේ නීති විරෝධී ප්‍රවේශ මාර්ග බෙහෙවින් වැඩි බවත්චෝදනා කලේය. මෙක්සිකෝව චීන ආයෝජන සඳහා උතුරු ඇමරිකාවේ “පසුපස දොරක්” ලෙස සේවය කරන බවටන් චෝදනා කළහ. කෙසේ වෙතත් කැනඩාවේ එම ප්‍රකාශ මෙක්සිකෝවේ අවධානයට මෙතෙක් ලක්ව නැත. මෙක්සිකෝවේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්  Claudia Sheinbaum  මාධ්‍ය වෙත පැවසුවේ “මෙක්සිකෝවට විශේෂයෙන් එහි වෙළඳ හවුල්කරුවන් විසින් ගරු කළ යුතු” බවයි. ෆෙන්ටැනයිල් fentanyl භාවිතය සම්බන්ධයෙන් කැනඩාවට තමන්ගේම සමාජ ගැටලු ඇති බවත්, “මෙක්සිකෝව සතුව ඇති සංස්කෘතික ධනය ඔවුන්ට තිබේවා යනුවෙන් ප්‍රාර්ථනා කළ හැකි” බවත් ඇය පැවසුවාය.

කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන ඔන්ටාරියෝ හි ප්‍රධානී ඩග් ෆෝඩ් Doug Ford, පසුගිය සතියේ කියා සිටියේ දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් කැනඩාව සහ මෙක්සිකෝව එකට එකතු කිරීමේදී මායිම් දෙක අතර ඇති වෙනස්කම් සැලකිල්ලට ගතයුතු බවයි.කැනේඩියානු නිලධාරීන්ට අනුව  එක්සත් ජනපදය හා කැනඩාව චීනයට එරෙහිව එක්සත් පෙරමුණක් ලෙස කටයුතු කිරීමට උත්සාහ කර ඇති අතර, චීනය උතුරු ඇමරිකානු වෙළඳපොළට පිවිසීම සඳහා පසුපස දොරක් ලෙස මෙක්සිකෝව භාවිතා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *