යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ .ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර ඇත.
2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ද ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බව සඳහන් වේ.
ඒ අනුව, ශ්‍රී ලාංකාවේ ආරක්ෂක අංශ විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු ද නිකුත් කර ඇත.2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටි මෙම පුද්ගලයා අමෙරිකාව, ප්‍රංශය යන රටවල සිට කැනඩාවට පැමිණ සිටියදී මෙලෙස කැනේඩියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ෙකැනේඩියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ, සැකකාර ශ්‍රී ලාංකිකයා වැඩිදුර විමර්ශන සඳහා ප්‍රංශය වෙත භාරදීමට නියමිත බවයි