96 ලෝක ශූරයින්ගෙන් නිවාස සංකීර්ණයක්.

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් ඒකරාශීව මහල් 42 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් සඳහා පසුගිය (12) වැනිදා  මුල්ගල් තබා තිබෙනවා.පැලවත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ඉඩමක මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරෙන අතර එය නිවාස ඒකක 240 කින් සමන්විත වීමට නියමිතයි.නිවාස සංකීර්ණයේ  සෑම මහලක්ම 1996 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමේ සිටි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නමින් හැඳින්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට එක්වූ 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා මෙසේ අදහස් පළ කර තිබුණා.“1996 දී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කණ්ඩායමේ 14 දෙනාට පර්චස් දහයක පමණ ඉඩමක් ලබා දුන්නා. අවසානයේ වසර 30කට ආසන්න කාලයකට පසුව මෙම ස්ථානයේ  තට්ටු 42ක මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ඉන්දියානු ආයෝජකයෙකු සොයා ගැනීමට අපට හැකි වුණා.“මෙම ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 30ත් 40ත් අතර ආයෝජනයක් ශ්‍රී ලංකාවට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා,”

1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයින් වන අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, රොමේෂ් කළුවිතාරණ, සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *