විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන පසුගිය (19) වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබේ.
මේ පිළිබඳ මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය දන්වා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා විසින්ම මෙම සහතික සහ අනෙකුත් දෑ ලබාදීමට කටයුතු කළ බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මෙම සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් පසුගිය (18) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
“1-5 ශ්‍රේණි දක්වා මම හිටියේ සාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ. 6-9 ශ්‍රේණි දක්වා මම අධ්‍යාපනය හැදෑරුවේ රාජකීය විද්‍යාලයේ. මම මේ රටේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ නැහැ. මම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමෙත් හිටියා. ශිෂ්‍ය නායකයෙක් ලෙසත් හිටියා. ඉන් පසුව මම UKවල අධ්‍යාපනය හදාරන්න යෙදුණා. 83/84 කාලවකවානුවේදී මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා A – 2යි, B -2යි, C -3ක් හිමි වුණා. මේ ඒ සහතික ටික.”
ඔහු එහිදී සිය උපාධි සහතිකය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.