වීරා ගේ මාධ්‍යය සේවයට ජාතික සම්මානයක්

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් 2015 වසරේ සිට රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් සහ 2024 සිට ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ් පුවත්පත හරහා රූපණ අනතර්ජාල රූපවාහිනියේ විධායක නිෂ්පාදක සහ ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ් පුවත්පතේ ප්‍රකාශක වීරා ෆොන්සේකා මහතා කල අනූපමය සේවාව අගයනු වස් වාර්ෂිකව කිහිප දෙනෙකුට පමණක් ප්‍රධානය කරන ජාතික සම්මානයක් 2024 දෙසැම්බර් 20 වැනිදා ඔහුට හිමිවිය. ටොරොන්ටෝව අවට වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ,බර්ගර් ඇතුළු සියළුම ශ්‍රී ලාංකික පිරිස් වෙනුවෙන් ජාති, ආගම් භේදයකින් තොරව එම මාධ්‍යය දෙක මගින් කරන සමාජ මෙහෙවර අගය කරමින් එම සම්මානය සහ පදක්කම පිරිනමන ලද්දේ කැනඩාවේ ජාතික ජනවාර්ගික පුවත්පත් සහ මාධ්‍යය කවුන්සිලය මගිනි.

විවිධ ජනවර්ග විශාල ප්‍රමාණයක ජනතාව නිදහසේ ජීවත්වන කැනඩාව එකී ජනවර්ගවල සහයෝගීතාවය සහ සහජීවනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන රටකි. එම සහයෝගීත්වය සාක්ෂාත් කරගැනීම සඳහා ක්‍රියාත්මක ප්‍රජා පුවත්පත්, ගුවන්විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා වල එකමුතුවක් සහ සංවර්ධන ආයතනයක් ලෙසින් NEPMCC – National Ethnic press & Media Council of Canada ක්‍රියාත්මක වේ .

ටොරොන්ටෝවේ Hungarian Canadian Cultural Centre හිදී පැවති වාර්ෂික සමුළුවේදී වීරා මේ සම්මානය ලබාගත් අවස්ථාවට රූපණ මාධ්‍යය ජාලය නියෝජනය කරමින් කිහිප දෙනෙකුත් ඔහුගේ පවුලේ අයත් සහභාගී වූහ. මේ එම අවස්ථාවේදී ලබාගත් සේයාරූ කිහිපයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *