ආදරේ වයසට නොයාවී කිසි දින

මේ මලේ පෙතිවල කෙමියෙහී තැවරුන
හාමිනේ දැනුනිද පුසුඹ මේ සුවදෙන
ජීවිතේ කිසිදින ආදරේ නොමියෙන
මෝරනා පෙම මෙය සුවද සේ දින දින
ආදරේ තුරුණුම කාලයේ තනිවුන
සීතලේ රැයවල උණුසුමේ කොටුවුන
රාගයේ උණුසුම සොයාගෙන ගුලිවුන
තාම ඒ පෙර දින සිහිවෙනා මිහිරෙන
මැවේවී මතකයෙ ඔයා මට හමුවුන
මගේ මේ නෙතු වල ඔබේ ඇස් හිරවුන
කාලයේ යව්වන නැති වුනත් හොරු ගෙන
ආදරේ වයසට නොයාවී කිසිදින
මහින්ද රුද්‍රිගු
https://www.facebook.com/mahinda.rodrigo1


https://www.facebook.com/profile.php?id=100070528716658
ඇතුළතේ රුව ඒවි දෙනෙතට

දහසකුත් දේ තිබෙනවා ඇති
අපට සතුටින් සිනාසෙන්නට ……………………
ලෝකෙ කොතරම් දේ තිබෙනවද
ජීවිතේ සතුටින් විඳින්නට ………………………..
හැම එකම බෑ අපේ වෙන්නට ………………….
කෙනෙකු ජීවිතේ විඳින විදිහට
අපිත් ඕනෙද එහෙම වෙන්නට …………………
තවත් අය හිතනා පතන දේ
මත්තේ දුවමින් හඬා වැටෙනට ……………….
ඉඩක් නොතියා හැකියි අපටත්
අපේ විදිහට හැඩ ගැසෙන්නට ………………….
දකිනවානම් නිරන්තරයෙන්
කෙනෙකුගේ හදවතක් ගැඹුරට ………………..
මතුපිටේ රුව අභිබවා ගෙන
ඇතුළතේ රුව ඒවි දෙනෙතට…………………….
2024.12.22. ……..රේණු……..
රේණුකා ගලප්පත්ති
https://www.facebook.com/renuka.galappaththi



ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි
https://www.facebook.com/insta.panhinda.7
පිරිමි හරි පව් මචං………

තැවීමක් වෙද සිතේ හඬන්නට බැරි වෙච්ච
නිවීමක් සෙවූ තැන නොවීමත් ඒ වෙච්ච
රැකීමම යුතු නිසා අත හරිනු බැරි වෙච්ච
පිරිමි හරි පව් මචං….පිරිමි වී ඉපදිච්ච…….
තැකීමක් නොවන තැන තැවීමක් මිස වෙච්ච
විඳීමක් අවැසි කළ රිදීමත් ඒ වෙච්ච
බැඳීමක් නිසාවෙත්, නිසා වෙන් නොම වෙච්ච
පිරිමි හරි පව් මචං…..පිරිමි මේ අපි වෙච්ච…….
ලැබීමක් – නොලැබුමට වඩා කල්ගත වෙච්ච
හැඟීමක් – හැඟීමෙන් මුදාලනු බැරි වෙච්ච
රැඳීමක් වෙද නොවී හිඳීමත් හුරු වෙච්ච
පිරිමි හරි පව් මචං…..මේ උඹල අපි වෙච්ච……
ඔය කියන සේරමත් – ඒ විදිහටම වෙච්ච
ගැහැණු හරි පව් මචං….ගැහැණු වී ඉපදිච්ච…….
– රුවන් ජයරත්න –