ස්විට්සර්ලන්ත ඔලිම්පික් හිම ක්‍රීඩිකා සොෆී හෙඩිගර්( Sophie Hediger) හිම කුණාටුවකින් මිය යයි.

2022 බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී  ස්විට්සර්ලන්තයේ  snowboard cross team සාමාජිකාවක් වශයෙන් කටයුතු කල  Sophie Hediger කඳුකර නිවාඩු නිකේතනයකදී  හිම කුණාටුවකට හසුව  මිය ගිය බව ස්විට්සර්ලන්තයේ ස්කීං සම්මේලනය  skiing federation පසුගිය  අඟහරුවාදා ප්‍රකාශ කළේය.

ස්විට්සර්ලන්තයේ Arosa නිවාඩු නිකේතනයේදී ඇය මෙම අවාසනාවන්ත සිදුවීම මුහුණදෙනවිට ඇයගේ වයස අවුරුදු 26කි  .ඇය බීජිං ක්‍රීඩා උළෙලේ කාන්තා හිම පුවරු හරස් ඉසව්වෙන් සහ එම ඉසව්වේ මිශ්‍ර කණ්ඩායම් සාමාඡිකාවක ලෙස තරඟ කළේය.

හෙඩිගර් 2023-24 වාරයේ දී ඇයගේ පළමු ලෝක කුසලාන තරගාවලියට සහභාලි විය. ඇයගේ හොඳම දක්ෂතාවය වාර්ථා කලේ පසුගිය ජනවාරි මාසයේදී ශාන්ත මොරිට්ස් හි දෙවන ස්ථානය වාර්ථා කිරීමයි.”අපි කම්පනයට පත් වූ අතර සොෆීගේ පවුල සමඟ අපි අපගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කරමු,” ස්විස්-ස්කී ප්‍රධාන විධායක වෝල්ටර් රූසර් Walter Reusser ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *