පුංචි ඡන්දයට ආණ්ඩුව සැරසෙයි.

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියේදී අභියෝගයකට ලක් නොකළහොත් එය මේ මාසයේදි ම සම්මත කරගැනිමට හැකියාව ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කලේ.

ඉන් අනතුරුව මාර්තු මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයටද බාධාවක් නොවන පරිදි අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටයි රජය සැලසුම් කර ඇත්තේ.2023 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට නොහැකිවූයේ ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලබා නොදීම ‍හේතුවෙන්.ඒ අනුව නවක ඡන්ද දායකයින්ටද අවස්ථාව සලසා දීමේ අරමුණින් මැතිවරණය සඳහා භාරදුන් නාම යෝජනා අවලංගු කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *