කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ Justin Trudeau ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂ නායකත්වයෙන් පසුගිය සදුදා ඉවත් වුණා.එහිදී ඹහු ප්‍රකාශ කලේ ලිබරල් පක්ෂට නායකයෙක් පත්වන තුරු තමන් තවදුරටත් අගමැති ධුරයේ සිටින බවයි කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මේ සතිය තුළ විශ්‍රාම යනු ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණි.
ගෙවුණු දින කිහිපය තුළ කැනේඩියානු දේශපාලන දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වූ අතර, ඔහුගේ මුදල් අමාත්‍යවරිය වූ ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් Chrystia Freeland, ඔහු සමඟ විරසකව ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තත්ත්වය තීව්ර වුණි.ඒ සමඟ ටෘඩෝගේ ජනප්‍රියත්වය තවත් බිදවැටුණු අතර එතැන් සිට ඔහු මහජන ඒකරාශීවීම් රැසක් මඟහැරි බව වාර්තා වුණි.
ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි 2013 වසරේදී කරලියට පැමිණි හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුණි. කැනඩාවේ ලිබරල් පක්ෂයේ සභාපති ‘සචිත් මෙහ්රා’ Sachit Mehra විසින් පක්ෂයේ ජාතික මණ්ඩලයේ රැස්වීමක් කැඳවීමට සැලසුම් කර තිබේ.ඒ, පක්ෂය සඳහා නව නායකයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම වෙනුවෙනි.
පක්ෂයට සහ කැනඩාවට දශකයකට වැඩි කාලයක් නායකත්වයක් ලබාදුන් ජස්ටින් ටෘඩෝට අතිශයින් කෘතඥ වන බව ද ලිබරල් පක්ෂයේ සභාපතිවරයා සඳහන් කළේ ය.මෙම තත්ත්වය මතුවුනේ, වසර 12ක කාලයක් ලිබරල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ජස්ටින් ටෘඩෝ පසුගිය (06) වැනිදා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කිරීමත් සමගයි.
අග්‍රාමාත්‍යවරයා විසින්, කැනඩාවේ පාර්ලිමේන්තු කටයුතු ද ලබන මාර්තු 24 වැනි දා දක්වා අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණා.54 හැවිරිදි ජස්ටින් ටෘඩෝ මුල් වරට, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණේ 2015 වසරේදීයි.
මැතිවරණයට පෙර පසුබෑමකට ලක්ව සිටි ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාම සම්බන්ධයෙන් ටෘඩෝ ජාත්‍යන්තරයේ පවා ප්‍රශංසාවට ලක්විය.
කෙසේ නමුත් 2018 වසරේ මූල්‍ය දූෂණ විමර්ශනයකට අග්‍රාමාත්‍යවරයා අයුතු ලෙස බලපෑම් කළ බවට පැතිරී ගිය වාර්තා හේතුවෙන් ජස්ටින් ටෘඩෝ විවේචනයට ලක්විය.
ජීවන වියදම සහ නිවාස සහ කුලී නිවාස මිල ගණන් ඉහළ යාම මෙන්ම, පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ දිගුකාලීන සමීපතමයෙකු වූ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ද ජස්ටින් ටෘඩෝගේ ජනප්‍රියත්වය පහළ යාමට හේතු විය.