වසර 5ක් තුල IIHF කාන්තා හොකී තරඟාවලි 5ක් පැවැත්වීමට කැනඩාව සැරසේ.

2026 සහ 2030 අතර ප්‍රධාන ජාත්‍යන්තර කාන්තා හොකී තරඟාවලි පහක් කැනඩාව විසින් පවත්වනු ලබන බව කැනඩාවේ හොකී බලධාරීන් සහ ජාත්‍යන්තර අයිස් හොකී සම්මේලනය පසුගිය සිකුරාදා නිවේදනය කළේය.

කැනඩාව 2027 සහ 2030 දී ලෝක කාන්තා හොකී ශූරතාවලිය සහ 2026, 2028 සහ 2030 දී ලෝක ශූරතා වයස අවුරුදු18 න් පහළ කාන්තා තරගාවලිය සඳහා සත්කාරකත්වය දරනු ඇත.වසර ගණනාවකට පසු රටක් කාන්තා ශූරතා පහකට සත්කාරකත්වය දැක්වූ පළමු අවස්ථාව මෙය වේ.

කැනඩාවේ හොකී බලධාරීන් පවසන්නේ 2026 වයස අවුරුදු18 න් පහළ ශූරතාව සඳහා ලංසු ක්‍රියාවලිය දැන් විවෘතව ඇති අතර තරඟාවලියේ ස්ථානයන් වසන්තයේ සෘතුවේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.කැනඩාව පසුගිය වසරේ Utica, NY හිදී ජයග්‍රහණය කිරීමෙන් පසු වත්මන් කාන්තා ශූරයා වේ.

කැනඩාව අවසන් වරට 2016 වසරේ ඔන්ටාරියෝ හි ශාන්ත කැතරින්  St. Catharines, හිදී U18 ලෝක ශූරතාවලියට සත්කාරකත්වය ලබා දී ඇත. පසුගිය වසරේ ස්විට්සර්ලන්තයේ Zug හිදී ජයග්‍රහණය කිරීමෙන් පසු එක්සත් ජනපදය වත්මන් ශූරයා වන අතර කැනඩාව තෙවන ස්ථානයට පත්විය.

මෙම වසරේ කාන්තා ශූරතාවලිය චෙක් ජනරජයේ Ceske Budejovice හි පැවැත්වෙන අතර U18 ඉසව්ව සෙනසුරාදා ෆින්ලන්තයේ Vantaa හිදී ආරම්භ වේ.

“IIHF ශූරතා තරඟාවලි පැවැත්වීම අප සුළු කොට නොසලකන අතිවිශාල වරප්‍රසාදයක් වන අතර, මෙම සුවිශේෂී ගිවිසුමට ඔවුන් දක්වන සහයෝගයට අපි කෘතඥ වෙනවා”, Hockey Canada හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී කැතරින් හෙන්ඩර්සන් Katherine Henderson පසුගියදා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *