විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රුපියල් බිලියන 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් මෙම කෙටුම්පත පසුගිය ( 09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.ඒ අනුව, මේ වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම්වලින් වැඩි ම මුදලක් වෙන්කර ඇත්තේ, මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතට වන අතර එය රුපියල් බිලියන 713ක්.

මේ වසරේ පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 2,518ක් ද මූලධන වියදම ලෙස රුපියල් මිලියන 354 ක් ද ඇස්තමේන්තු ගත කර ඇති අතර පසුගිය වසරේ පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 3,673ක්ද මූලධන වියදම රුපියල් රුපියල් මිලියන 528ක්ද ඇස්තමේන්තු ගත කර තිබුණා.සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා රුපියල් මිලියන 412 එම අමාත්‍යංශ සඳහා ඇස්තමේන්තුගත මූලධන වියදම රුපියල් මිලියන 95,500ක් ද වනවා.

අමාත්‍යාංශ කිහිපයක සම්පූර්ණ වියදම් පහතින්.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 8.3
මූලධන – රු. බි 5.4

මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 484
මූලධන – රු. බි 229

ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 382
මූලධන – රු. බි 60

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 38
මූලධන – රු. බි 16

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 412
මූලධන – රු. බි 95

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 19.4
මූලධන – රු. බි 2

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 2.16
මූලධන – රු. මි 397

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *