

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ සිදුකල සාර්ථක නිල සංචාරයකින් පසු පසුගියදා යලි දිවයිනට පැමිණියේය.ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකාව චීනය සමඟ ගිවිසුම් 15 කට අත්සන් තැබූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.
ජනාධිපති ජින් පිංගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර දිසානායක පසුගියදා දින හතරක නිල සංචාරයක නිරතවිය.ෙඅවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පෙර ජනාධිපතිවරුන් දෙදෙනාම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර නිල හමුව චීනයේ බීජිං හි මහජන මහා ශාලාවේදී සිදුවිණි.
“ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු, දෙරට අතර අවබෝධතා ගිවිසුම් 15 ක් අත්සන් කරඋ ලැබුවා. මෙම සියලු අවබෝධතා ගිවිසුම් 15 අපගේ ආර්ථිකයට, අධ්‍යාපනයට, මාධ්‍යයට සහ සංස්කෘතියට වැදගත් වෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවට අනාගතයේදී බොහෝ ප්‍රතිලාභ ලබාගත හැකියි”“චීන ජනාධිපතිවරයා චීන රජයේ අඛණ්ඩ සහයෝගය අපට සහතික කරනු ලැබුවා” විදේශ අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීමද මෙහිදී සිදුවිය.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කලේ, ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමිවනු ඇති බව පැවැසේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට එක්විය.
චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන් (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සමාගම සීමාසහිත ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව ( China Petrochemical Corporation -SINOPEC Group), මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම සීමාසහිත (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction Corporation), චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සමාගම සීමාසහිත (China Energy International Group Company Ltd), ගුවැන්ෂු පොදු ප්‍රවාහන සමූහය ( The Guangzhou Public Transport Group) ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට එක්ව සියේය.
මෙවැනි පසුබිමක ජනාධිපති දිසානායකගේ චීන සංචාරය සිදුවන්නේ ඔහු ඉන්දියාවේ කළ පළමු නිල විදේශ සංචාරයෙන් මාසයකට පසුවය.
ඉන්දියාවේදී ඔහු ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ, පසුගිය රජයන් යටතේ දිල්ලි රජය සමඟ ආරම්භ කර ඇති ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ය.
පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වීමත් සමඟ තම මැතිවරණ පොරොන්දු ඉටු කිරීමේදී සහ යථාර්ථය සමඟ පොරබදමින් සිටින ජනාධිපති අනුර දිසානායකගේ නව පාලනයට චීනය සහාය ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.
2009 දී වසර 26 ක යුද්ධයක් අවසන් වීමෙන් පසු, චීනය අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩුවල ශක්තිමත් සගයෙකු බවට පත්ව ඇත.
කෙසේවෙතත්, ඉන්දියානු සාගරයේ කලාපීය ආරක්ෂාව පිළිබඳ ඉන්දියානු රජයේ වැඩිවන කනස්සල්ල මධ්‍යයේ, මෙම පියවර ඉන්දියාව කෝපයට පත්කර ඇති බව විශ්ලේෂකයෝ පවසති.