Toronto FC නව ගිවිසුමත් සමඟ ස්පාඤ්ඤ ක්‍රීඩක කොයිලෝට වරප්‍රසාද රැසක්.

ටොරොන්ටෝ එෆ් සී විසින් වසර 2028 සඳහා නව කොන්ත්‍රාත්තුවක් සමඟ මැදපෙල ක්‍රීඩක ඇලොන්සෝ කොයිලෝ Alonso Coello වෙත වරප්‍රසාද රැසක් ලබාදී ඇත.

පසුගිය සමයේ ඇමරිකානු ඩොලර් 94,049ක් ලබා ගත් 25 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික ක්‍රීඩකයා මත 2025 වසර සදහාද කොන්ත්‍රාත්තුව  ක්‍රියාත්මක කරන බව MLS ක්‍රීඩා සමාජය ඔක්තෝබර් අගදී නිවේදනය කළේය. පසුගිය බ්‍රහස්පතින්දා, 2025 වසරට අදාල ගනුදෙනුව දීර්ඝ කිරීමත් සමග ඔහු කණ්ඩායම තුල රැඳී සිටීම දීර්ඝ විය.

ටොරොන්ටෝ කලමණාකරු ජේසන් හර්නාන්ඩස් Jason Hernandez  කොයිලෝව හඳුන්වන්නේ “ආදර්ශ තරුණ වෘත්තිකයෙක්” ලෙසයි. “අපගේ සමාජය සමඟ සෑම වාරයකදීම, ඔහු තම ක්‍රීඩාව වර්ධනය කර ගැනීමේ හැකියාව පෙන්නුම් කර ඇති අතර, ඔහුගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට ඔහුට උපකාර කිරීමට අපි බලාපොරොත්තු වෙමු,” හර්නාන්ඩස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ෆ්ලොරිඩා අත්ලාන්තික් විශ්ව විද්‍යාල කණ්ඩායමට පාපන්දු ක්‍රීඩා කළ කොයිලෝ, මුලින් ටොරොන්ටෝ FC II සමඟ එක් වූයේ 2022 අප්‍රේල් මාසයේදීය. ඔහු MLS NEXT Pro කණ්ඩායම සඳහා නායකයා ලෙස කටයුතු කළ අතර, තරග 25කදී මිනිත්තු 2,189ක කාලයක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම අවසන් මහා තරගයට ගෙනයාමට ඹහු එහිදී සමත්විය.ඒ ක්‍රීඩා සමාජ ඉතිහාසයේ පළමු වතාවටය.

කොයිලෝ TFC සඳහා සියලුම තරඟ 52 පෙනී සිට ඇත. ඹහු ආරක්‍ෂාකාරී මැදපෙළ ක්‍රීඩකයෙකු වන අතර, ආරක්‍ෂාව සහ ප්‍රහාරය නිවැරදි ලෙස සම්බන්ධ කළ හැකි, කොයිලෝ දක්ෂ ක්‍රීඩකයෙකු විය. “මගේ වෘත්තීය දිවියට පිවිසීමට මට අවස්ථාව ලබා දුන් අය සමඟ මෙම නව කොන්ත්‍රාත් දිගුව අත්සන් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි,” කොයිලෝ පැවසීය. “මට ඉඩ දුන් TFC සහ එහි රසිකයන්ගෙන් මට ලැබුණු උණුසුම් පිළිගැනීමට මම සැබවින්ම කෘතඥ වෙනවා. පෞද්ගලිකව සහ වෘත්තීය වශයෙන් වර්ධනය වීමට එය අවස්ථාවක්. “ටොරොන්ටෝ මගේ නිවහන බවට පත් වී ඇති අතර, මෙම නගරය සහ එහි ජනතාව මට පෙන්වූ සියලු ආදරය සහ අගය නැවත ලබා දීමට මම බලාපොරොත්තු වෙමි.” ඹහු වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණි.

මේ අතර ටොරොන්ටෝ සංචිතය පෙර පුහුණුවීම් සඳහා සිකුරාදා ස්පාඤ්ඤය බලා පිටත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *