අමුතු දොස්තර ටෙලි නාට්‍යය ගැන මුහුණු පොත් සටහන්

අමුතු දොස්තර සාදාරණද?

Sumana Wijeratne 

https://www.facebook.com/sumanawije

පොරොන්දු ප්‍රකාරව අමුතු දොස්තර ගැන අමුතු කතාවක් ලියන්න යි මේ සූදානම. හොඳ ටෙලියක්, මට නම් ඒකෙ දෙකක් නෑ. හැබැයි මගෙ නැරේටිව් ඒක ටිකක් අමුතුයි. ඒ නිසා මම ටෙලිය ඇතුළේ චෙරි ටිකක් පික් කරනවා.

කලපුව ඉස්පිරිතාලේ:

ලැට්වලට බැහැපු එක සමහරු විවේචනය කලාට ලැට් වලවල් හැම ආයතනයකම තියෙනවා, ඒවට බැහැලා සුද්ධ කරන්න එකෙක් එන්නම වෙනවා කියන එක තමයි මම නම් ගත්තෙ. ඒක නිසා මම කියනවා හොඳ විවරණයක් දෙනවා බොහොමයක් රජයේ ආයතන අද වැඩ කරන ආකාරය ගැන කියලා. ඉස්පිරිතාල විතරක් නොවෙයි සමස්ත රාජ්‍ය ආයතන පද්ධතියම තමයි මේකෙන් විග්‍රහ වෙන්නෙ. එතකොට මේ විග්‍රහය ආණ්ඩුවට වගේ ආණ්ඩුවෙන් යමක් බලාපොරොත්තු වන ජනතාවටම දීලා තියෙනවා පණිවුඩයක්. ඒක තමයි රට හදන්න නම් අපි හැදෙන්න ඕනෑ කියන එක. රට කියන භෞතික සංකල්පය ජනතාවගෙ විඥානයම තමයි. ඒ වගේම ඉස්පිරිතාලේ හසුරුවන වට වලල්ල. ඉස්පිරිතාලේ ෂාරයම ඒ කීවෙ ඉඩම, ආම්පන්න බෙහෙත්, ඒකෙ කොන්ත්‍රාත් ආදිය උරාගෙන ඉන්න පෞද්ගලික ජාවාරම් කාරයො විසින් මෙහෙයවන ක්‍රමය. ලස්සනම දේ මෙතන එක දේශපාලකයෙක් වත් නෑ.

හැබැයි උන් ඉන්නෙ දර්ශන වචන ආදිය අස්සෙ. ඒක ලස්සනට දීලා තියෙනවා. අහුලා ගන්න පුළුවන් අයට ගන්න. ඒක වැදගත්..

කලපුව:

මම ඇත්තටම බලාපොරොත්තු වුණු කලපුවට මේකෙන් සාධාරණය ඉටු වෙලා නෑ. ඒ කියන්නේ ඩිස්පෙන්සර්ගෙ රහස් job එක කලපුවට ඕනෑම දෙයක්. අවුරුදු 12 වෙන කොට ගැබ් ගන්න ළමයි තමයි කලපුවේ ඉන්නෙ. කලපු ජිවිතය එබුවා මදි නාට්‍ය ඇතුළට. මම බලාපොරොත්තු වුණු දෙයක් ඒක. අධ්‍යක්ෂට අරමුණ වෙන එකක් වෙන්නැති. නමුත් මම ඇත්තටම බලාපොරොත්තු වුණා ඔය ‘ගබ්සාව’ පිළිබඳ නීතිය කියන ප්‍රස්තුතය ටිකක් උලුපයි කියලා. ඒක තියෙනවා, ඒත් මදි.

මදලේනා සහ කාන්තාව:

මදලේනා කියන්නෙ සුපුරුදු නිලියටම හුරු විමුක්ති කාමී චරිතයක්. හැබැයි ඒ චරිතය පාලන තන්ත්‍රය විසින් උස්සනවා කලපුවෙන් ඉවතට. එයා විතරයි හරිහමන් කාන්තා චරිතය ඒකෙ ඉන්න. ඉස්පිරිතාලේ ඉන්නෙත් අර සුපුරුදු පුරුෂශක්තියට උදව් කරන ගැහැනු ටිකක් විතරයි. සමහර විට චාපා වීරයෙක් බවට පත් කරන්න මේක කරා වෙන්න පුළුවන්. කොහොම වුණත් ගැහැනිය විෂයෙහි නාටකය සම්ප්‍රදාය සමග අත්වැල් බැඳ ගන්නවා. පියසීලී ගෙ ඉඳන් නැන්දා දක්වා. හැබැයි රඟපෑම් නම් හැමෝගෙම විශිෂ්ඨයි. ඒකට ආදරෙයි.

අවසානය:

පට්ටයි, මොකද චාපා මැරුණෙම නෑනෙ. එයා රට ගියාද? මදලේනා ආපහු කලපුවටම ගියොත්…කතාව මොකක් වෙයිද?

හොඳ උත්සාහයක්, ජයවේවා කෝරලගෙ සමන්.

Surangi Liyana Pathirana 

https://www.facebook.com/surangi.liyanapathirana.1

” තමුසෙ විප්ලවකාරයෙක් වුනා ඇති, දැන්වත් පුරවැසියෙක් වෙනවා” Malcolm Machado

අපි ප්‍රේක්ෂකයන් ලෙස දොස්තර චාපාගේ සෑම ඉරියව්වක් දෙසම නිරීක්ෂණාත්මක බලා සිටියෙමු. විමසිලිමත් වීමු, උද්යෝගීමත් වීමු. අපි කළු මිනිස්සුන්ට අකමැති වීමු. හිත යටින් කලපුව ජරා ජීර්ණ කළ බෝසත්ලාට, ලොකු සර්ලාට, ඩිස්පැන්සර මහත්තයලාට, අවමංගල අධ්‍යක්ෂක මංගලලාට ,සාජන් මහත්තයලාට ,ග්‍රාම සේවක මහත්තයලාට,කුසල්ලාට, අකමැති වීමු.දොස්තර චාපාගේ ආගමනයෙන් කලපුව ශුද්ධ පවීත්‍ර වනු ඇතැයි අපි දෑස් දල්වා බලා සිටියෙමු. ඩොක්ට යොහානිට ආදරය කළෙමු. ඇගේ හැසිරීමට කතාවට මව්වත් ගුණයට ප්‍රේම කළෙමු. ඔවුන් එක්ව කලපු රෝහල රෝහල් ආකෘතියක් කරවන දිනක් වෙනුවෙන් බලා සිටියෙමු.

යම් නිර්මාණයක සාධනීය බව කුළුගන්වන්නේ එකී නිර්මාණය කොතරම් දුරට ශ්‍රාවක,ප්‍රේක්ෂක පාඨක මනසට බලපෑම් කළාද යන වග සමගය. ප්‍රේක්ෂක මනස බලාපොරොත්තුවේ උච්චත්වයට ළඟා කර හිටිහැටියේ උස්සා ාපාළවේ ගසන්නට කෝරළගේ සමන්ට අයිතියක් තිබේදැයි තවමත් වික්ෂිප්තභාවයෙන් යුතුව සිතමින් පසුවෙමු. සමාජය වෙනස් කිරීමේ කාර්යය⁣ට කලාවේ දායකත්වය ඉවතලිය නොහේ.අමුතු දොස්තරලා ,අමුතු ඉංජිනේරුවෝ,අමුතු පරිපාලන නිලධාරියෝ ,අමුතු රජයේ සේවකයෝ, අමුතු පාලකයෝ අමුතු වැඩ කරනවා දකින්නට බලා සිටින කලපු වැසියන්ගේ බලාපොරොත්තු කලපුව තුළ වළලා නොදමා නැවත ගොඩගත යුතු නොවේද? අමුතු දොස්තරලා උමතු දොස්තරලා ලෙස හුවා දකින, අමුතු වැසියන් උමතු වැසියන් ලෙස හංවඩු ගසන ඉස්සන් මෙන් හිස්මත අසූචි තවරාගත් මිනිසුන්ගෙන් කලපුව ශුද්ධ පවීත්‍ර කිරීම අමුතු දොස්තරට නොහැකි නම් අමුතු වැසියන් කලපුව වෙනුවෙන් සිදු කළ යුතුය.

” මිනිස්සුන්ට ගහල මරල පුච්චන එක අපරාදෙ අයිසෙ, මිනිස්සු ගහල මරන්න ඕන නෑ මානසිකව වට්ටන්න ඕන”🤬

🤮 මං ආයෙ මිනී මරන්නෑ සර්, මරන්න ඕන වුන්ගේ වටේ ඉන්න උන් මරනවා” මේ වචන හිත ගස්සලා අතඅරිනවා. කීමට බොහෝ ⁣දෑ ඇත.

නමුත් මෙපමනක් පමණක් කියමි.

👉

කුණුවී ඕජස් ගලන සමාජ දේහයට ඇඟිල්ලෙන් ඇණ අවුස්සා අමුතු දොස්තරලා පෙන්වා දුන් සත්‍යය කලපු වැසියෝ අවබෝධ කරගනිත්වා. ඒ තුළ ඇති ව්‍යංගාර්ථය වටහා ගනිත්වා. කලපුව සුද්ධ කිරීම තනිවූ කිසිදු බලවේගයකට කළ නොහැක. එය පිරිසිදු කිරීම වෙනුවෙන් පොදු මහජනතාව අවබෝධයෙන් ඇප කැපවිය යුතුය.

Anomaji Rajapaksha 

https://www.facebook.com/anomaji.rajapaksha

ඒකත් ඉවරයි….අමුතු දොස්තර කළපුවේ රෝහලෙන් අයින් වුනාට එතැන අලුත් කෙනෙක් ගොඩ නැඟුනා අලුත් රටාව ඉදිරියට අරන් යන්න…ඒ පවිත්‍රා…කේක් නොකාපු සිස්ටර් නෝනා…❤️❤️❤️❤️

කළල විදිහටම කුස තුල ඉන්න දරුවන්ට සොහොන් ලකුණු කියන ඩිස්පැන්සර්..

අම්මා ලෙඩ ඇඳේ තියාගෙන ඒ අම්මට බෙහෙත් කරන්න හෘද සාක්ෂිය විකුණන බෝසත්….

සල්ලි වලට ෆ්‍රයිඩ් රයිස් හදලා ලෙඩ්ඩුන්ට දහ ජරාව ගිල්ලන ආපනශාලා භාරකරු….

හොඳ මිනිහෙක් වෙලා වුනත් ඒ හොඳ ගති රැකගෙන ජීවත් වෙන්න අසමත් වුන ආනා සුවාරිස්….

ජීවිතේ අන්තිම කාලෙ වුනත් පේන හීන අහුලන මග්දලේනා…

ඇස් වල බය වචන වලින් හංගා ගෙන හොඳ මිනිස්සුන්ට සුසාන හදන හර්ස් කාරයා….

යොහානි ඩොක්ටර්,උමතු කොල්ලා, කලපුවේ ගෝලයා, නීතිවේදියා…තව කොච්චර දෙනෙක්ද…

ඒ හැමෝම ඊයෙ වෙනකල් දවසක් ගාණෙ අපිව හම්බ වුනා…කතා කළා…හිනා වුනා…අපි එකට පාඩම් ඉගෙන ගත්තා….

අන්තිම දර්ශණේදි හිතුනේ එක දෙයයි…

ඒ වගේ අමුතු මිනිස්සු ඕන මයි….වෙඩි උණ්ඩ ඉස්සරහා ඇස් නොපියවෙන අමුතු මිනිස්සු…

ගලි වල ඉහළා හරි ගඳ වළක්වලා සුවඳ පතුරවන පාර කපා ගන්න මිනිස්සු

තමන්ට වඩා අනුන් ගැන හිතන මිනිස්සු..

කොටින්ම මැරෙන්නෙ නැති සදාකාලික මිනිස්සු…

එයාලා මේ පොළව භාර ගන්නම ඕන…

ස්තුතියි Koralage saman සහෝදරයා අමුතු කතාවක් අරන් ආවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *