නුඹ එතැයි මග බලා සිටිමී……..
සරත් සමයේ පෙලක් දවසට – හීන් කෙඳිරිලි නගන ගහ කොළ
වසත් කාලය නැවත ආ වග – කියා පුබුදන කළට මල් ඵල
පහත් වී බිම නොගෑවෙන්නට – කියා තිබියදි අතින් අත් හල
නුඹත් මට මග හැරුණු කරුණට – සොයා ගත හැකි වේද සුල මුල……
ඉකුත් දවසක අරුත් සුන් වුණු – සුළඟ ඉකිබිඳ හඬා ගිය විට
මුකුත් නොකියා ඉබේ පැලවෙන – අහේතුකවම සැකේ බිජුවට
දලුත් අකුලන් යන්න ගිය හැටි – ඉරත් අහසින් අරන් අවරට
මටත් මට මගෙ හිතත් නුඹගෙන් – වෙන් කිරීමයි තවම උගහට……..
තවත් නොගැඹුරු මතක එක්කම – විටෙක මතු වෙමි විටෙක ගිලෙමී
වරක් නොව තව කීප සැරයක් – පරණ මතකය සමග ඇලෙමී
පෙරත් දවසක යා යුතුව තිබු – මගෙහි නුඹ ගිය ලකුණු දුටිමී
අදත් පෙර සිටි තැනට ඇවිදින් – නුඹ එතැයි මග බලා සිටිමී……
– රුවන් ජයරත්න –
https://www.facebook.com/ruwan.jayatathe
https://www.facebook.com/indra.liyanage.754
සඳෙන් කිරණක් අරං චිත්‍රයක් අඳින්න
තරුවකට අත වනා ආදරෙයි කියන්න
අමෘතය තොල ගගා වලාවක නිදන්න
සිහින මණ්දාකිනිය වටේ සැරිසරන්න,
පුංචි දිය ඇල්ලක්ව ඉහළකින් පනින්න
මීදුමක් වෙලා උස කඳු පන්ති බදන්න
සීත ගඟුලක් වගේ නිදහසේ ගලන්න
පුංචි මල් පොකුරක්ව කැලෑවක පිපෙන්න,
කුරුල්ලන් හා එක්ව සිලෝ ගී කියන්න
සුළං රැල්ලක එතී මල් උයන් සිඹින්න
ජීවිතේ තරගයෙන් පිට පැනල දුවන්න
මං ආස කල්පනා ලෝකයක ගිලෙන්න…..
Pasindu wijenayaka
https://www.facebook.com/profile.php?id=100070528716658
අපේ කතා…
කවදාවත් නිමා වෙන්නැති
අපේ හිනා…
කොච්චර දුන්නත් තවත් අත ඉතිරිව ඇති.
ලේසියෙන් බිඳී යන්නැති
අපේ ශක්තිය…
සමහර විට එයම වෙන්නැති.
අපේ වැරදීම්…
කියා දුන් පාඩම් ඉගෙන ගෙන නිති,
අපේ සිහින…
ලස්සන හෙටකට පැතුම් ගේනවැති.
අපේ ජීවිතේ…
ගෙවෙනවා නෙවෙයි විඳිනවා කියා අපි,
හෙටත් අපිම වෙලා…
එකිනෙකා දරාගෙන ඉමු නේද සකි?
-රේණු..
රේණුකා ඉලංගකෝන්
https://www.facebook.com/renuka.illangakoon
ඇගෙ නම නම් නිර්මලිය
කැරකිලි පැනිලි එරවිලි සහ නැටවිලිය
සුරතළි ළබැදි නැලවිලි මැද දැගලිලිය
ලබැඳිනි කොමළි අදරැති මැය සියුමැලිය
බොළදැති වදන් තෙපලයි මේ සුරතලිය
මල්ලිය කරපු දග වැඩ ගැන පැමිනිලිය
තිස්සෙම ඔහුගෙ සමගින් ඇගෙ ඇමිනිලිය
ලස්සන ටෙඩිව තුරුලට ගෙන සැරසිලිය
අශ්වය ගෝන් කරමත යමු ඇවිටිලිය
කුස්සියෙ වැඩට මැය තරමක් කම්මැලිය
අම්මට වැඩිය ඇය මට නම් සැළකිලිය
නිල්මිණි සදිසි ඇස් නම් හරි විමසිලිය
සුන්දර සිගිති ඇගෙ නම නම් නිර්මලිය
මහින්ද රුද්‍රිගු